5.4 C
New York

13 හැවිරිදි දැරියකට අතවර කළැයි සැකයට පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

Published:

බාලවයස්කාර පාසල් දැරියට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලාවේලි පොලිසියට අනුයුක්තව රාජකාරී කළ 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවක නිවසට ගොස් 13 හැවිරිදි වියේ පසුවන තම දියණියට එම කොස්තාපල්වරයා අතවර කර ඇතැයි ඇගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මේ වනවිට පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම්කර පරීක්ෂණ කටයුතු සිදුකරන බව ද පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img