5.4 C
New York

ගම සමඟ පිළිිසඳර නිසා ගමට PCR දහස් ගණනක්

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගීවන ගම සමඟ පිළිසඳරක් වැඩසටහන මාතර දිස්ත්‍රික්කයේ දෑරංගල දී පැවැත්වීමට සැළසුම් කර ඇති බැවින් එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකින් පීසීආර් 1000ක් බැගින් සිදුකරන ලෙස උපදෙස් ලැබී තිබේ.

මේ අනුව ඉදිරි දින කිහිපයේ දී මොරවක, කොටපොළ හා අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මෙහෙයවීමෙන් පීසීආර් පරීක්ෂණ 1000ක් ඒ ඒ කොට්ඨාසවල පැවැත්වීමට සැළසුම් කර ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ පසුගිය කාලයේ දෑරංගල, අකුරැස්ස, පිටබැද්දර හා කොටපොළ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබුණ ද මෙතරම් පීසීආර් පරීක්ෂණ ප්‍රමාණයක් කිරීමට අවස්ථාව නොලැබුණු බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහභාගීවීම හේතුවෙන් හෝ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට අවස්ථාව ලැබීම කොරෝනා මර්ධන කටයුතුවලට වැදගත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

Related articles

Recent articles

spot_img