5.4 C
New York

ලක්ෂපාන බලාගාර සේවකයන් අතරටත් කොරෝනා රිංගයි

Published:

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයන් 10 දෙනකුට, සේවකයකුගේ බිරිඳට පුද්ගලික ආරක්ෂක අංශ නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

සේවකයන් 03 දෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු කරන ලද ඇන්ටිජන් පරීක්ෂණවලින් අනෙක් පිරිස ආසාදිත බව හඳුනාගෙන ඇත ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ තවත් සේවකයන් 140ක පමණ පිරිසකගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිත බවයි.

කොරෝනා ආසාදිත බව හඳුනාගත් සේවකයන් අද (06) උදෑසන වනතුරුම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් නොතිබූ අතර ඔවුන් සේවක නිල නිවාසවලම රඳවා සිටියි. ඊට අමතරව තවත් සේවක පිරිසක් නිල නිවාසවල නිරොධායනයට යොමුව සිටිති.

Related articles

Recent articles

spot_img