5.4 C
New York

බීමත් රියදුරෙක් අනතුරු දෙකක් සිදුකරයි. අයෙක් මරුට

Published:

කොළඹ වැල්ලවත්තේ දී බීමත් පුද්ගලයකුගේ අපරික්ෂාකාරී රිය පැදවීම හේතුවෙන් අද (06) අළුයම සිදු වූ අනතුරු දෙකකින් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

වැල්ලවත්ත සමුද්‍ර මාවතේ දී උදෑසන 5.45ට පමණ මෙම අනතුරු සිදුව ඇත.

රාත්‍රී සමාජශාලාවක සිට පැමිණි එම පුද්ගලයා වැල්ලවත්තේ දී යතුරුපැදිකරුවකු අනතුරට ලක්කර රථය නොනවත්වා ධාවනය කිරිමේ දී තවත් තිදෙනකු අනතුරට ලක්ව ඇත.

වැල්ලවත්ත පොලීසිය ක්ෂණිකව සිදුකරන ලද මෙහෙයුමකදී එම අනතුරු සිදුකළ පුද්ගලයා මෝටර් රථය ද සමග අත්අඩංගුවටගෙන ඇති බවත් ඔහු බීමත්ව සිටි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. එම රථයේ සිටි තවත් බීමත් පුද්ගලකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

Recent articles

spot_img