spot_img
spot_imgspot_img

පරාජ වැලකට පසු කොදෙව් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැති දෙවැනි විස්සයි – 20 තරඟය ලකුණු 43කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) රාත්‍රී සමත්විය. ඒ අනුව තරඟාවලිය 1-1ක් ලෙස සම වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය ලැබුවේ තරඟ 08කට පසු වීම විශේෂත්වයකි.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 160ක් ලබාගත්තේ කඩුළු 06 අහිමිකර ගනිමිනි. ලකුණු 161ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කොදෙව්වෝ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ අසරණ වෙමින් 117කට දැවී ගියහ.

පන්දුවට පහර දීමේ දී පන්දු 11ට ලකුණු 19ක් ලබාගත් වනිඳු හසරංග සිය පන්දුවාර 04 දී ලකුණු 17ට කඩුළු 03ක් දවාගත්තේය. ලක්ෂාන් සඳකැන් පන්දුවාර 3.4ක් යවා ලකුණු 10ට කඩුළු 03ක් හිමිකරගත්තේය.  වේග පන්දුයවන දුෂ්මන්ත චමීර ලකුණු 25ට කඩුළු 02ක් බිඳහෙළුවේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිශ්ශංක අනගි සම්බන්ධතාවක් ගොඩනගමින් පළමු පන්දුවාර 10 දී ලකුණු 95ක් රැස්කළ අතර ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් පසු ඉතිරි පන්දුවාර 10 දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 66ක් එක්වන විට කඩුළු 06ක් අහිමිවී තිබිණි. ධනුෂ්ක ගුණතිලක ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 56ක් රැස්කළේ පන්දු 42කිනි. පැතුම් නිශ්ශංක පන්දු 23කින් ලකුණු 37ක් රැස්කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!