ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුන් අතර කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. පියාගේ පීසීආර් පරීක්ෂණයක් සිදුකර තිබිය දී පසුගිය 18 වැනි දා පාසලට පැමිණි සිසුවකුගේ ආශ්‍රිත සිසුන් තිදෙනකු ද මේ වනවිට ආසාදිත බව තහවුරු වී තිබේ.
ආසාදිත බව පළමුව හඳුනාගත් සිසුවා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ සිසුවෙකි. මහජන සෞඛය පරීක්ෂකවරු පවසන්නේ මෙම සිසුවාගේ ආශ්‍රිත සිසුන් පිරිසක් පීසීආර් පරීක්ෂණයට යොමුකිරීමෙන් පසු තවත් සිසුන් තිදෙනකු ආසාදිත බව තහවුරු වී ඇති බවයි.
මේ අතර එම සිසුන් පාසලේ පන්තිකාමරවල පැවැත්වෙන අධ්‍යාපන කටයුතුවලට, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පැවැත්වූ වාර විභාගයට අමතරව විෂය භාහිර වැඩසටහන් සඳහා ද සහභාගී වී ඇතැයි වාර්තා වෙයි. ආසාදිත වූ එක් සිසුවකු පසුගිය 20 වැනි දා රිච්මන්ඩ් විද්‍යාලයේ පැවැති බාලදක්ෂ පුහුණු වැඩසටහනකට ද සහභාගී වී ඇති අතර එම වැඩසටහනට සහභාගී වූ සිසුන් අතරින් ලේඛනගත වී ඇත්තේ සිසුන් 12 දෙනකු පමණක් එම ලේඛනයට අමතරව තවත් සිසුන් සහභාගී වී ඇති බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. පාසල් නිවාඩු කාලය බැවින් ආසාදිත සිසුන් සමඟ විවිධ විෂය භාහිර ක්‍රියාකාරකම් සඳහා සහභාගී වී සමීප ආශ්‍රිත වූ සිසුන් හඳුනාගැනීමේ ගැටලුවක් මතුවී තිබෙන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
අද (05) සිසුන් 12 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබී ඇති අතර එම සිසුන් ආසාදිත නොවන බවත් කෙසේ වෙතත් ස්වයං නිරෝධායනයේ තවදුරත් සිටිය යුතු බවත් සෞඛ්‍ය අංශ පවසයි.
Pala yanna hiththo
😥😥ඇත්තටමද?????😥😥
Huta