spot_img
spot_imgspot_img

අම්බලන්ගොඩ පොලිසිය කොළඹ පාරෙන් කොටසක් බලෙන් අල්ලාගෙන

පුවත්

විදෙස්

අම්බලන්ගොඩ පොලිසිය ඉදිරිපිට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් අවහිර කරමින් මීටර 30ක පමණ දුර ප්‍රමාණයක යකඩ බට සිටුවා පොලිසිය විසින් වෙන්කරගෙන තිබේ.

ප්‍රධාන මාර්ගයක දෙපස පදිකයන්ට ගමන් කිරීම සඳහා තිබෙන මෙවැනි ඉඩක් පොලිසියකට වැටක් යොදා වෙන්කර ගැනීමට හැකි ද යන්න ගැටලුවකි. එතැන මාර්ගය අයිනේ කහ පැහැති මාර්ග සීමා රේඛාවක් දැක්වෙන අතර කහ පැහැති මාර්ග සීමා රේඛාව ඇති ස්ථානයක කිසිදු වාහනයක් නතර කර තැබීමට නොහැක.

නමුත් පොලිසිය පවසන්නේ පොලිස් ස්ථානයට ‍විවිධ අවශ්‍යතා සඳහා පැමිණෙන පුද්ගලයන් ඔවුන්ගේ යතුරුපැදි නැවවත්වන බැවින් එය වැළැක්වීමට මෙලෙස බාධකයක් යෙදූ බවයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය ආයතන ඉදිරිපිට තිබෙන තාප්ප හා වැටවල් ඉවත් කිරීමට උපදෙස් දී තිබියදී අම්බලන්ගොඩ පොලීසිය සිය අධිකාරී බලය අයුක්ති සහගත ආකාරයෙන් යොදවා ගනිමින් මහජනතාවගේ නිදහසේ ගමන් බිමන් යාමේ අයිතියට බාධා පමුණුවා ඇතැයි මෙම මාර්ගයේ ගමන් කරන පිරිස් චෝදනා කරති.

මහමාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ යම් ඉඳිකිරීමක් කරන්නේනම් ඒ සඳහා මහමාර්ග සංවර්ධන අධිකාරියේ අවසර ගත යුතු නමුත් පොලීසිය ඉඳිකර ඇති මෙම මාර්ග බාධකය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් අවසර ගෙන නැතැයි එහි ප්‍රකාශකයකු අප කළ විමසීමක දී කීවේය.  

අම්බලන්ගොඩ නගර සභාවෙන් විමසූ විට පවසන්නේ ද මෙම ඉදිකිරීම නීති විරෝධී බවයි. එම මාර්ග බාධකය සදහා සිටුවා ඇති යකඩ බට රාත්‍රී කාලයේදී නොපෙනෙන බැවින් ඉන් දැඩි අනතුරු දායක බවක්ද නිර්මාණය වී තිබේ.කෙසේවෙතත් මහජනතාවගේ නිදහසේ ගමන් බිමන් යාමේ අයිතියට බාධා කරමින් අම්බලන්ගොඩ පොලිසිය විසින් සිදු කර ඇති මෙම යකඩ බට බාධකය වහා ඉවත් කිරීම කටයුතු කරන ලෙස මහජනතාව වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!