spot_img
spot_imgspot_img

අකිලගෙන් කඩුළු ත්‍රිත්වයක්

පුවත්

විදෙස්

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා ලද තෙවැනි පන්දු යවන්නා බවට පත්වීමට අකිල ධනංජය ඊයේ (03 දා) සමත්විය.

ලකුණු 132 ක ඉලක්කයක් හඹා යමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු කඩුලු 3 ම දවා ගනිමින් අකිල මෙම දක්ෂතාවය දැක්වීමට සමත්වූවේය. සිව්වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී අර්වින් ලුවිස් දවා ගත් අකිල ඊළඟ පන්දුවේදී ක්‍රිස් ගේල්වද තෙවැනි පන්දුවේදී කොදෙව් පිලේ උප නායක නිකොලොස් පූරාන්වද දවා ගනිමින් මෙම දක්ෂතාවය දැක්වීමට සමත්විය.

ඒ අනුව මෙය විස්සයි-20 ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු සිව්වැනි කඩුලු ත්‍රිත්වය ලෙසින් සටහන් විය. අකිලට ප්‍රථම ලසිත් මාලිංග අවස්ථා 2 කදී සහ තිසර පෙරේරා එක් අවස්ථාවකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්ව දවාගැනීමට සමත්ව සිටිති. ලොව විස්සයි-20 තරග අංශය යටතේ කඩුලු ත්‍රිත්වයක් වාර්තාවුණු 14 වැනි වතාව ලෙසින් අකිලගේ දක්ෂාතව සටහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!