spot_img
spot_imgspot_img

කලවානේ දෙල්ගොඩ රක්ෂිතයත් විනාශයි

පුවත්

විදෙස්

කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143ක වනාන්තර භූමියක් අනවරසයේන එළි පෙහෙළි කරන බව ගැමියෝ ‍චෝදනා කරති.

වැවගම ග්‍රාම නිලධාරී වසමේ සුදුවැලිපත ප්‍රදේශයේ මේ වනාන්තර විනාශය සිදුවෙමින් පවතී. ගම්වැසියන් චෝදනා කරන්නේ අක්කර 143ක් සඳහා ව්‍යාජ ඔප්පු සාදාගත් පිරිසක් විසින් මෙලෙස වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරමින් සිටින්නේ තේ වගාව සඳහා බවයි.

මේ වනවිටත් එම ප්‍රදේශයේ අක්කර 10කට වැඩි භූමියක් ගස් කපා විනාශ කර ඩෝසර් කර එළි පෙහෙළි කර දමා ඇත.

පරිසරවේදීන් පෙන්වාදෙන්නේ සිංහරාජ අඩවියේ වනාන්තර ප්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය කුකුළේ ගඟ හා සම්බන්ථ කුඩව ග‍ෙඟේ ප්‍රධාන අතු ගංඟාවල ජල පෝෂක වන්නාතර පද්ධතියක් බවයි. දැනට අනාවරණය වී ඇති කරුණු අනුව කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවකු සහ පානදුර, මතුගම, මහනුවර හා කොළඹ ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් පිරිසක් මේ වන විනාශය සිදුකරමින් සිටිති.

මෙම වන්නාතර ප්‍රදේශය සිංහරාජ වනාන්තරයට සම්බන්ධ කිරීමේ සැළසුම ක්‍රියාත්මක කිරීමට පෙර එය ඉඩම තේ වගාව සඳහා යොදා ගෙන ඉඩම් අයිතිය තහවුරු කරගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

මෙම ප්‍රදේශය කඳුවැටි සහිත නායයාමේ අවදානමක් සහිත ප්‍රදේශයක් වීම හේතුවෙන් 1951 අංක 25 දරණ ස සංරක්ෂණ පනතේ 03 වැනි වගන්තිය අනුව 2008 මැයි මස 22 වැනි දින අංක 1550/9 දරණ ගැසට් නිවේදනය මින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව ප‍්‍රකාශිත 2019 නොවැම්බර් 20 දින අංක 2150/31 දරණ ගැසට් නිවේදනය මඟින් සිංහරාජ ජාතික උරුම වන භූමිය හා ඒ වටා පිහිටි වනාන්තර හෙක්ටයාර 36,475 ක් සිංහරාජ වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර විශාල වනාන්තර පද්ධතියකට ආරක්ෂාව ලබා දී ඇති බැවින් මෙම වනාන්තර ප්‍රාදේශය ද ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත්ව ඇත.

මෙවන් වූ සුවිශේෂී කලාපයක සිදු කරන  ඕනෑම සංවර්ධන ක්‍රියාවලියක් ජාතික පාරිසරික පනතට අනුව පාලනය කර ඇත. ඊට හේතු ව යම් සංවර්ධන ක්‍රියාවලියක් මඟින් රක්ෂිත වනාන්තර පද්ධතියේ පැවැත්මට හා එහි ජෛව ප‍්‍රජාවගේ පැවැත්මට මෙන් ම ජල පෝෂක වනාන්තර පද්ධතියේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල විය හැකි බැවිනි.

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් විශාල වනාන්තර පද්ධතියක් එළිකර සිදු කරන තේ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් සිදු කරමින් පවතී. ඒ සඳහා ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරන මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් මැදිහත් වී නොමැත.

එපමණක් නොව එම ගැසට් නිවේදනයේ ම දැක්වෙන ලෙස ජාතික උරුම වන භූමියක් ලෙස ප‍්‍රකාශිත ප‍්‍රදේශයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සහ වන රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශිත භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. මීට අමතර ව මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශයට පත් කළ යම් ප‍්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. ඒ අනුව මෙම සියලූ වනාන්තර එළි කිරීම් මෙම නීතිමය ප‍්‍රතිපාදනයන් සියල්ලට ම ඇතුළත් වන බැවින් මේ සියලූ වනාන්තර එළි කිරීම සිදු කරන්නේ නීති විරෝධී අයුරින් බව තහවුරු වේ.

අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලූ ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ එවන් පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ vi වන පරිච්ඡේදයේ රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් අද වන විට සිදු කරන සියලූ පරිසර විනාශයන් හමුවේ ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබන මධ්‍යම පරිසර අධිකාරියේ සියලූ නිලධාරීන් මුණිවත රකින ආකාරයෙන් ම මෙම විනාශය හමුවේ ද නිද්‍රාශීලීව පසු වීම කණගාටුවට කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!