-1 C
New York

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට නඩු දැමීමේ හැකියාව සොයයි

Published:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (22) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබැලීමට එය නීතිපතිවරයාට යොමුකරන ලෙස මේ වාර්තාවේ නිර්දේශ කර ඇතැයි ද සඳහන් වේ.

පිටු 600කට වැඩි ප්‍රමාණයකින් සමන්විත මෙම වාර්තාවේ සිංහල පිටපත් ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට පැමිණි සියලු කැබිනට් අමාත්‍යවරුන්ට ලබා දී ඇති බව ද රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

කැබිනට් මණ්ඩල ආරංචිමාර්ග අනුව කොමිෂන් සභා වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොමිෂන් වාර්තාවේ ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ කිරීමට ජනාධිපතිවරයා විසින් පසුගිය 19 වැනි දින අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කෙරිණි. එම කමිටුවට ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු ඇතුළත්ව සිටිති. මෙම කමිටුව ඊයේ (22) රැස්වූ අතර යළි හෙට (24) රැස්වීමට ද නියමිතය.

Related articles

Recent articles

spot_img