spot_img
spot_imgspot_img

ගාල්ලේ නිවසක සිටි 92 හැවිරිදි කාන්තාවක් කොරෝනා සෑදී මියයයි

පුවත්

විදෙස්

ගාල්ලෙන් තවත් කොරොනා මරණයක් අද (22) වාර්තා වී ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මැදකීඹිය පදිංචිව සිටි 92 හැවිරිදි කාන්තාවකි. අද (22) නිවසේ දී මියගිය එම කාන්තාවගේ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනඒමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඇය කොරෝනා ආසාදිතව සිටි බව තහවුරු වී තිබේ.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ කෙරෝනා මරණ සංඛයාව 28ක් දක්වා ඉහළ ගොස් ඇත. අද දිනයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා ආසාදිත බවට වාර්තා වූ දෙවැනි මරණය මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!