විවිධ බලපෑම් හා හිතවත්කම් අනුව ඇතැම් පුද්ගලයන් කොරෝනා එන්නත නීතිවිරෝධී ලෙස ලබාගන්නා බවට බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
ඔහු වැඩිදරටත් කියා සිටියේ ඇතැම් පුද්ගලයන්, කොරෝනා එන්නත් කිරීමේ සැළැස්මට පිටතින් විවිධ බලපෑම් කරමන් ඇඳුනුම්කම්, තනතුරු බලය භාවිතා කර එන්නත ලබාගන්නා තත්ත්වයකට පත්ව ඇති බවත් සියලු දෙනා ම තමන්ගේ අවස්ථාව ලැබෙනතුරු ඉවසීමෙන් සිටිය යුතු බවත් නියෝජ්‍ය සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි.
“එන්නත්කරණය සිදුකරන මධ්‍යස්ථානවලට ගිහින් කියනවා අපි සමග එන පුද්ගලයින්ට එන්නත් ලබා දෙන්න කියලා. අපි මේ එන්නත කාටවත් ලබානොදී සිටීමේ බලාපොරොත්තුවක් නෑ. එම නිසා සියලුදෙනාම තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසිල්ලෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා. කාලයත් එක්ක එන සාක්ෂි එක්ක අපිට පළවෙනි එන්නත සහ දෙවනි එන්නත අතර පරතරය පවා වෙනස් කරන්න සිද්ධ වුණා. අපි එන්නතට සැලසුම් කරන අවස්ථාවෙදී ප්‍රමුඛතාවය ලැබිච්ච දේවල්වලට එහා ගිය සමහර අවශ්‍යතාවයන් අපිට පැහැදිලි වුණා,” යැයි හෙතෙම පැවසීය.
ප්‍රමුඛතාව උල්ලංඝණය කරමින් ක්‍රමවේදයකින් තොරව එන්නත ලබාදීම සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මෙම කරුණු පැවසීය. ඔහු කියා සිටියේ එවැනි පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවයි.
ඡායාරූපය ගාල්ල සමූපකාර රෝහල් කාර්ය මණ්ඩලයට එන්නත් කරන අවස්ථාවකි. මෙය නිවැරදි ප්‍රමුඛතාව අනුව සිදුකරනු ලැබූවකි. එසේ වුව ද ගාල්ලේ විදුහල්පතිවරු සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු ද ඇතැම් වෛද්‍යවරුන්ද මෙලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත් කිරීමට පෙර තම බිරිඳට හා මවට එන්නත් කළ අවස්ථා ද ගාල්ලෙන් වාර්තා වී තිබිණි.