spot_img
spot_imgspot_img

සෞඛ්‍ය අංශවල වරදින් කොරෝනා ආසාදිත කාන්තාවක් අවාසනාවන්ත ලෙස මරුට

පුවත්

විදෙස්

කොරෝනා සෑදී රෝහල්ගත කර නැවත නිවසට එවූ රිදීමාලියද්දේ කාන්තාවක් හදිසියේ ම මියයාම සෞඛ්‍ය අංශවල ඇති ගැටලු සහගත තත්ත්වයක් හේතුවෙන් සිදුවූවක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

මියගිය කාන්තාව පීසීආර් පරීක්ෂයක් සිදුකිරීමෙන් පසු එහි ප්‍රතිඵල ප්‍රමාදවීම හේතුවෙන් ‍ඇය කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත්තේ දින 03කට පසුවය. එදිනම රෝහල්ගත කෙරුණු ඇය තවත් දින 07කට පසු නිවස වෙත එවා තිබේ. ඒ රජය විසින් අලුතෙන් හඳුන්වාදුන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් පීසීආර් පරීක්ෂණය සිදුකළ දින සිට දින 10ක් පමණක් ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා ගන්නා නව ප්‍රතිපත්තිය අනුව කටයුතු කරමිනි.

මෙම කාන්තාවගේ මරණය සිදුවූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ප්‍රමාදයක් හේතුවෙන් යැයි ගම්වාසීන් පිරිසක් චෝදනා කළ ද මෙහි වරද ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙවැනි රෝගියකු ප්‍රතිකාර කරන ක්‍රමවේදයේ බවත් මේ සම්බන්ධයෙන් ඉක්මණින් විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය. ඔහු

උපුල් රෝහණ මෙසේ ද පවසයි.

“මේ මරණය සිදුවුණේ 16 වැනි දා ඇය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දින 07ක් ගත කරලා නිවසට ආවේ 15 වැනි දා 16 වැනි දා ශ්වසන අපහසුතා ඇතිවෙලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දීමට රාත්‍රී 8.45ට දුරකථන ඇමතුමක් අරගෙන එ් වෙලාවේ ඔහු ආහාර ගනිමින් සිටි නිසා ඒ ඇමතුම මඟහැරිලා. ඉන් පසු 1990 ගිලන්රථයකට දැනුම් දී ඒ ගිලන්රථයෙන් මේ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී කාන්තාව රෝහල්ගත කරන්න අවශ්‍ය කටයුතු සූදානම්කරන්න යැයි ඉල්ලා තිබෙනවා. ඒ මොහ‍ොතේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇය රෝහලට යැවීම සඳහා මහියංගනය බාහිර රෝගී අංශය, එහි විශේෂඥ වෛද්‍යවරයා ආදීන්ට කතා කළත් ඔවුන් අවසර ගැනීමට කල් මැරීමත් දුරකථනය විසන්ධි කිරීම් හේතුවෙන් එය මඟහැරී ගොස් තිබෙනවා. බදුල්ල රෝහලට කතා කළාම කියා තිබෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ හෝ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සම්බන්ධ කර අවසරය ලැබිය යුතුයි කියලා. මේ අවස්ථාවේ ප්‍රජා වෛද්‍ය නිලධාරීවරයා තමයි සම්බන්ධ වී අවසරය ලබා දී තිබෙන්නේ. ‍බදුල්ල රෝහලට මේ රෝගියා රැගෙන යන අතරතුර අසාධ්‍යවීම නිසා මහියංගනය රෝහලට ගොස් නැවත ප්‍රමාදයක් සිදුව තිබෙනවා. බදුල්ල රෝහලට ඇතුළත් කළාට පස්සේ මේ රෝගියා කිසියම් හේතුවක් නිසා මියයනවා. මේ වගේ රෝගියෙක් රෝහල්ගත කිරීම ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු රාශියක් තියෙනවා. නමුත් කොරෝනා ආසාදිත රෝගියෙක් අසාධ්‍ය අවස්ථාවක දී රෝහල්ගත කිරීමට මීට වඩා සරල ක්‍රමයක් තියෙන්න ඕනෑ. මේ කාන්තාවගේ ජීවිතය අහිමිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අඩුවක් තියෙනවා ද කියා වහාම සොයා බැලිය යුතුයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න කියා ඉල්ලා සිටිනවා. සැබැවින් ම මෙය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තම වගකීම පැහැර හැරීමක් කියන එක අපි කිව යුතුයි. මේ ආසාදිත කාන්තාව රෝහල්ගත කරලා දින 07කින් යළි නිවසට එවනවිට ඇය සිටින තත්ත්වය පිළිබඳ සොයා බලන්න තිබුණා.”

ගැමියන් විසින් චෝදනා එල්ලකරනු ලබන මහජන සෞඛය පරීක්ෂකවරයා දැනට තම කොට්ඨාසයේ ආසාදිතවූවන් හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිටින 1600ක පමණ පිරිසක් පිළිබඳ සොයා බැලීම් කරයි. ඔහු නිවැරදිව රාජකාරී කර ඇති බවත් ඔහුට චෝදනා කිරීම පදනම් විරහිත බවත් උපුල් රෝහණ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!