spot_img
spot_imgspot_img

නාසා ආයතනයේ රෝවරය අඟහරු මතට

පුවත්

විදෙස්

නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද ප්‍රිසවරන්ස් රෝවරය අද (19) අළුයම අඟහරු මතට සාර්ථක ලෙස පතිත කර තිබේ.

අඟහරුගේ සමකයට ආසන්න ජෙසෙරෝ නමින් හඳුන්වන ගැඹුරු ආවාටයකට රෝවරය ගොඩ බැස්වූ බව ඇමරිකානු බලධාරීහු පවසති.

යානය 2020 වසරේ ජූලි 30 වනදා අඟහරු බලා ගමන් ඇරඹීය.

රෝද හයකින් සමන්විත මෙම රෝවරය ඉදිරි වසර හයක කාලය තුළ අඟහරු පෘෂ්ඨය මත කැණීම් සිදුකරමින් තොරතුරු ලබාදීමට නියමිත බව ද ඔවුහු පවසති.

අඟහරු මත ජීවය පැවතියාද යන්නට සාක්ෂි සොයාගැනීමද මෙහෙයුමේ ප්‍රධාන අරමුණකි.

අඟහරු මතට ගොඩබැස්වූ රෝවරය අති නවීන ගවේෂණ උපකරණ වලින් සමන්විත වන අතර කැමරා 20ක් මයික්‍රෆෝන දෙකක් හා ඩ්රෝන යානයක් සහිතය. 

රෝවරය ගොඩබැස්වූ ජෙසෙරෝ ආවාටය අතීතයේ විලක් ලෙස පැවති ප්‍රදේශයක් බවට අනුමාන කරන ස්ථානයකි.

පෘථිවියෙන් එපිට ග්‍රහලොවකදී පළමු වරට හෙලිකොප්ටරයක් පියාසර කරවීම, අඟහරු මත පළමු වරට ශබ්ද පටිගත කිරීම මෙම මෙහෙයුමේ විශේෂ ක්‍රියාකාරකම් අතර වෙයි.

ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් අඟහරු වෙත ගොඩබස්වන ලද දෙවන රෝවරය මෙයයි.

පළමුවැන්න වන කියුරියෝසිටි රෝවරය 2012 වසරේදී අඟහරුගේ වෙනත් ආවාටයකට පතිත කරවන ලදී.

https://www.bbc.com/news/science-environment-56119931

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!