ශ්‍රී ලංකාවට ඉතාමත් ආසන්නයෙන් අම්පාර, පානම මුහුදේ රිච්ටර් මාපක 4.0 ක භුමිකම්පාවක් අද (19) පෙරවරු 11.00 – 11.30ත් අතර කාලයේ දී සිදුව ඇතැයි ඇතැම් මධ්‍යයන්හි පළවී ඇති පුවතෙහි සත්‍යතාවක් නැත.
මෙරට ප්‍රකට මාධ්‍ය ආයනයක් විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක මෙවැනි භූමිකම්පාවක් සිදුව ඇතැයි මුළින්ම වාර්තාකර ඇති අතර මේ වනවිට එය වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. එම පුවතේ දක්වා ඇත්තේ කුඹුක්කන් ඔය මෝය කටේ සිට කිලෝමීටර 14ක් දුරින් නැගෙනහිර මුහුදු පත්ලේ සිට කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් එවැනි භූමිකම්පාවක් සිදුවූ බවට පිළිගත හැකි කිසිදු මූලාශ්‍රයක් නැත. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාලයේ පොදු අංකයට කතා කළ විට පවසන්නේ ද එවැනි භූමිකම්පාවක් පිළිබද වාර්තා ලැබී නැති බවයි. ඇමෙරිකානු භූ විද්‍යා සම්කීෂණ ආයතන ලෝකයේ සිදුවන සියළුම භූමිකම්පා පිළිිබඳ දත්ත සපයනු ලබ පිළිගත් ආයතනයයි. එම ආයතනයේ වෙබ් අඩවිය ශ්‍රී ලංකා වේලාවෙන් අද (19) සවස මේ දක්වාම අඛණ්ඩව යාවත්කාලීන වී ඇතත් සවස 6.00 වනතුරුම ශ්‍රී ලංකාව ආසන්නයේ හෝ භූමිකම්පාවක් සිදුවූ බවට කිසිදු තොරතුරක් ලබා දී නැත. එම වෙබ් අඩවියේ රිච්ටර් මාපක 2.0ක් වූ භූමිකම්පා පවා සිදුවන ස්ථානය හා අපි කේන්ද්‍රය පිහිටන ගැඹුර ද ග්‍රිනිච් වේලාව ද නිවැරදිව සටහන්වේ.
ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනයට අනුව ශ්‍රී ලංකාවට ආසන්නයෙන් ම භූමිකම්පාවක් සිදුව ඇත්තේ ඇෆ්ගනිස්තානයේ බරකි-බරාක් ප්‍රදේශයේ ය. ඒ අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 05.18ටය. එහි විශාලත්වය රිච්ටර් මාපක 3.7කි.
මේ අනුව පැහැදිලි වන්නේ වෙබ් අඩවි කිහිපයක සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන භූමිකම්පා කතාව අසත්‍යයක් බවයි.
