spot_img
spot_imgspot_img

ගාල්ල නගරාධිපති නිරෝධායන නීති කැඩුවා ද?

පුවත්

විදෙස්

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු නිරෝධායනය ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පීසීආර් පරීක්ෂණ මඟහැර ඇති බවත් සඳහන් කරමින් නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ද සිල්වා විසින් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත යැවූ ලිපියක් මේ වනවිට විවිධ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.

එම ලිපියේ පිටපතක් අපට ද පුද්ගලයන් 05 දෙනකු වෙතින් ලැබී ඇත.

මේ පිළිබඳ අප ලිපිය යැවූ බව කියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ද සිල්වා ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ඒ පිළිබඳ තමන්ගෙන් නොවිමසන ලෙසයි. එවැනි ලිපියක් අප අතට පත්ව තිබෙන බව පැවසූ විට ඒ ගැන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් කරුණු විමසන්න යැයි ද ඔහු කීවේය.

“අපට දැනගන්න අවශ්‍යවන්නේ ඔබ ලිපියක් යැව්වා ද ? නැද්ද ? යනුවෙන් පමණයි.” යැයි කියූ වට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියේ තමන් එවැනි ලිපියක් මෙතෙක් යවා නැති බවයි. එසේනම් මේ ලිපිය කුමක්ද යන්න විමසූ විට ඔහු “මගෙන් අහන්න එපා” යැයි කියමින් දුරකථනය විසන්ධි කළේය.

මේ පිළිබඳ අප නගරාධිපති ප්‍රියන්ත සහබන්දුගෙන් විමසූ විට හෙතෙම මෙසේ කීවේය.

“ඔය කතාව සම්පූර්ණයෙන් ම බො‍රුවක්. අපේ නාගරික කොමසාරිස්වරයා  ආසාදිත වෙලා තිබුණේ ඉරිදා (14) නමුත් අද (19) මෙතෙක් මට කිසිම කෙනෙක් දැනුම් දුන්නේ නැහැ මා නිරෝදායනයට යොමු වියයුතුයි කියලා. නිරෝධායනයට යොමුකළ යුතු කොමසාරිස්වරයාගේ ආශ්‍රිතයන් වූ 16 දෙනකුගේ ලේඛනයක් මට එවා තිබෙනවා. ඒ ලේඛනයේ මගේ නම නැහැ. මේ මගේ කීර්තිනාමයට හානි කරන්න කරන වැඩක්. මට පීසීආර් කරන්න කතා කළෙත් නැහැ. එහෙම අවශ්‍යතාවක් තියෙනවානම් ලියුම් මාධ්‍යවලට දෙන්නේ නැතිව මට කතා කරන්න තිබුණා. මම මේ වෙලාවෙත් ඉන්නේ මගේ කාර්යාලයේ. අපි වැඩකරනවා. බොරු ප්‍රචාර කරන්නේ නැහැ.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වා අද (19) එවැනි ලිපියක් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත යවා තිබෙන බවයි. ඒ පිළිබඳ අප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඇමතීමට උත්සාහ ගත්ත ද ඔහු කිසිදු ඇමතුමකට ප්‍රතිචාර දක්වන්නේ නැත. ඔහුගේ කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු අපට කියා සිටියේ එවැනි ලිපියක් ලැබී ඇති බවක් දැනගන්නට නැති බවයි.

වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වා යැවූ බව කියන ලිපිය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!