spot_img
spot_imgspot_img

කසළ තේ කිලෝ 10,000ක් අල්ලයි

පුවත්

විදෙස්

ගම්පොල සිට කොළඹට රැගෙන යමින් තිබූ කසළ තේ කිලෝ 10,000 ක තොගයක්,  පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (19) උදෑසන  යක්කල නගරයේ දී සිය බාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබී ඇති තොරතුරක් මත මෙම පරීක්ෂාව කර තිබේ.

ලොරි රථ දෙකකින් රැගෙන යමින් තිබූ කසළ තේ තොගය සමග ගම්පොල , වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ද සමඟ අත් අඩංගුවට ගෙන ඇති බව යක්කල පොලිස් ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් සුසන්ත මහතා පැවසීය.

සැකකරුවන් සහ කසළ තේ තොගය යක්කල පොලීසියට බාරදීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!