පීසීආර් පරීක්ෂණවලට ලක්වන විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන නිලධාරීන් හා ගුරුවරු එම ප්‍රතිඵල ලැබීමට පෙර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රාජකාරී කටයුතුවල නිරතවීමත්, සංචරණයේ යෙදීමත් බරලපතල අවදානම් තත්ත්වයක් බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ (18) කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ කොළඹ අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකවරියකගේ සිද්ධි පදනම් කරගනිමිනි.
තමන් ආසාදිත බව දැන දැනත් නිරෝධායනය නීති උල්ලංඝනය කළ බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා පීසීආර් පරීක්ෂණය කිරීමෙන් පසු පාසලේ රැඳී සිටි ඇති බවත්, කොළඹ අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකවරියක් ද පීසීආර් පරීක්ෂණයක් කර එහි ප්‍රතිඵල ඒමට පෙර පාසල් කිහිපයකට ගොස් ඇති බවත් ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් එම නිවේදනයේ සඳහන් කර ඇත.
මෙම දෙදෙනාම පීසීආර් පරීක්ෂණ අනුව කොරෝනා ආසාදිත බව තහවුරු වන විට එම පරීක්ෂණයත් ප්‍රතිඵල ලැබීමත් අතර කාලයේ දී අතිවිශාල පිරිසක් කොරෝනා ආසාදනය වීමේ අවධානමට ලක්කර තිබීම බරපතල ගැටලුවක් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං එම නිවේදනයේ සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් රජයේ විශේෂ අවදානය යොමු කර මෙලෙස පීසීආර් පරීක්ෂණවලට ලක්වන විදුහල්පතිවරු සහ ගුරුවරුන්ටත් අධ්‍යාපන සේවයේ අනෙකුත් නිලධාරීන්ටත් එම පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනතුරු රාජකාරී නිවාඩු ලබාදීම හෝ ඔවුන් නිශ්චිත ස්ථානයක රැඳවීමටත් කටයුතු කරන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා ඇත.
ක්‍රිස්තුදේව විදුහලේ විදුහල්පතිවරයා PCR පරීක්ෂණයෙන් පසු ප්‍රතිඵල ලැබෙන තුරු කාලයේ පාසලට පැමිණීම හේතුවෙන් මේ වන විට පාසලේ ගුරුවරු 60 කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව ද ලංකා ගුරු සංගමය පවසයි.
එමෙන්ම ඉහත ගුරු උපදේශිකාවගේ ක්‍රියාව මත ඇය ගමන් කළ ස්ථාන කිහිපයක ද පිරිස් නිරෝධායනයට යොමුකර ඇති බව ද ස්ටාලිං තම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ. මෙලෙස අනාරක්ෂිතව වගකීම් විරහිතව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන බලධාරීන් අවධානය යොමු කළ යුතු බව ඔහු දන්වා සිටියි.
ලංකා ගුරු සංගමය එම නිවේදනයේ මෙලෙස ද දක්වා ඇත.
“කෝවිඩ් 19 තත්වය තුළ නිරෝධායනය වන ගුරු සහ විදුහල්පතිවරුන්ට නිරෝධායනය වන කාලසීමාව තුළ තම පෞද්ගලික නිවාඩු ලබාගැනීමට සිදුවීම බරපතල ගැටලුවක් වී ඇත. නිරෝධායනය අවසන් කළ ගුරුවරුන්ද පාසල්වලට නැවත පැමිණෙන අවස්ථාවලදී ඔවුන්ට තවදුරටත් නිවෙස්වල රැදී සිටින ලෙස සමහර පාසල්වල විදුහල්පතිවරු බලපෑම් කරන තත්වයක් ද මේ වන විට වාර්තා වේ. මෙවැනි තත්වයන් සම්බන්ධයෙන් ද නිවාඩු ලබාදීමේ දී පොදු ක්‍රමවේදයක් සකස් කළ යුතුය.”
මේ තත්වය තුළ කෝවිඩ් 19 හේතුවෙන් නිරෝධායනය වන ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට විශේෂ නිවාඩු ලබාදීමේ වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැකසිය යුතු බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කර සිටී. (එම නිවේදනය පහතින් දැක්වෙයි)
boru kiyanne epa thamuse e manussaya pcr eka kaerla gearami hitiye thamuse danne deyak gane katha kerapnn sajeewa higannek nowi lajjaa naddde thamuseta
කාලකන්නි පත්තර කාරයෙක්෴ දම්මික විදුහල්පති තුමාගේ කිර්තිනාමය කෙලසන්න මුදල් වලට මෙවැනි අසත්‍ය වාර්තා කිරිම් හෙලාදකිමු. ස්වාධින රූපවාහිනිය මෙම අසත්‍ය පුවත නිවැරදි කල අතර මෙම කාලකන්නි පත්තර කාරයාට එරෙහිව ඉදිරියේදි නඩු පවරනු ඇත.