spot_img
spot_imgspot_img

බද්දේගම විදුහල්පති රෑ බෝවී නිවසට එයි. රජයේ මධ්‍යස්ථානට යන්න බෑ කියයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිත බව දැනගත් මොහොතේ සිට සෞඛ්‍ය අංශ මඟහරිමින් සිටි ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඔහුගේ ගෝනාපීනුවල පිහිටි නිවසට අද (17) සවස 6.20 ට පමණ පැමිණ තමන් හා සම්බන්ධ වූ බව ගෝනාපීනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

සවස 1.00 සිට ඔහු නිවසේ නොසිටි බවත් සවස 5.30 දක්වා විදුහල්පතිවරයා ඇතුළු පවුලේ අය නිවසට නොපැමිණි බැවින් නිවස ඉදිරිපිට නිරෝදායන දැන්වීමක් සවිකර පැමිණි බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඉන් පසු විදුහල්පතිවරයා 6.20ට පමණ තමන් නිවසේ සිටින බවට දුරකථන ඇමතුමක් දී සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධ වී ඇත. සවස 6.20 වනතුරු සෞඛ්‍ය අංශ හා සම්බන්ධ නොවූ විදුහල්පතිවරයා තම ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් නිවසේ රැඳී සිටින බවට අසත්‍ය තොරතුරු සමාජගත කර තිබූ බව ද මහජන පරීක්ෂකවරු කීහ.

විදුහල්පතිවරයා රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යැවීමට කටයුතු කිරීමේ දී ඔහු රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යාමට නොහැකි බවත් පුද්ගලික ස්ථානයකට යා යුතු බවත් පවසා ඇති බැවින් ඔහු මේ වනවිට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කර ඇති ක්‍රියාවන්හි වරද සහ බරපතල බව පෙන්වා දී හෙට (18) දිනය දක්වා නිවසේ රැඳී සිටින්නයැයි උපදෙස් දුන් බව ද සෞඛ්‍ය අංශ පවසයි.

විදුහල්පතිවරයා පසුගිය සඳුදා (15) පීසීආර් පරීක්ෂණයකට ලක්වී ඇති අතර ඔහුට බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් උපදෙස් ලබා දී ඇත්තේ නිවසේ ම රැඳී සිටින ලෙසයි. පවුලේ සියලු දෙනාම නිවසේ සිටිය යුතු බවයි. නමුත් සෞඛ්‍ය අංශ පවසන්නේ විදුහල්පතිවරයා දිගින් දිගටම නිරෝධායන නීති උල්ලංඝනය කර ඇති බවයි.

සඳුදා ඔහු පීසීආර් පරීක්ෂණ සිදුකර නිවසේ නිරෝධායනයේ සිටිය යුතු වුව ද පාසලේ රැඳී සිටි බව එම විදුහලේ ගුරුවරුම සනාථ කරයි. සවස ගාල්ලේ සිට පාසල් නිල ඇඳුම් රැගෙන ආ අවස්ථාව වනවිට ද විදුහල්පතිවරයා සිය කාර්යාලයේ රැඳී සිටියේය.

දැනට අනාවරණය වී ඇති තොරුතරු අනුව විදුහල්පතිවරයා ඊයේ (16) දිනයේ දී ද නිවසේ රැඳී සිට නැත. අද (16) උදෑසන පීසීආර් ප්‍රතිඵල ලැබී ඇති අතර උදේ 11.00 ත් 12.00ත් අතර කාලයේ දී ඔහු ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශවිසින් දැනුම් දී පවසා ඇත්තේ පවුලේ සාමාජිකයන් නිවසේ නිරෝධානයට කරන බවත් ඔහු ප්‍රතිකාර මධයස්ථානයකට යවන බවත්ය. ඉන් පසු ඔහු සෞඛ්‍ය අංශ මඟහැර ගොස් තිබිණි.

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ගෝනාපීනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ විදුහල්පතිවරයා නිරෝධායනය සඳහා යොමුකර තිබුණේ ගෝනාපීනුවල නිවසේ බවයි. ඒ අනුව ඔහු එම නිවසේ නිරෝධායනය නොවී සෞඛ්‍ය අංශ මඟහැර යාම නිරෝධායන පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු කියති.

මේ වනවිට විදුහල්පතිවරයා සමඟ ආශ්‍රිත බව හඳුනාගත් ගුරුවරු 60ක පමණ පිරිසක් නිරෝධායනටයට යොමුකර තිබේ. හෙට (18) දිනයේ දී බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විදුහලේ ගුරුරවරු පිරිසක්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා අහඹු ලෙස තෝරාගන්නා සිසු පිරිසක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු සැළසුම් කර ඇත.

6 COMMENTS

  1. ah attade oyala mara diuni ne api danne widiyatm sirge gewal gawatawth yanne nathues oya shanne thorathuru danne wane boru danne nathuwa hitapn yako

  2. බොරුවක් කිව්වම ඒක වහන්න තව බොරු දාහක් කියන්න වෙනව කියන්නෙ මේකට තමයි😂 PHI මහත්තයා ඔයාට කෝල් කරලද මහත්තයෝ මේ විස්තරේ කිව්වේ. දෙයක් දානවනම් ලිඛිත සාක්ශි එක්ක දාන්න. නැත්නම් නොදා ඉන්න මෝඩ වාර්තාකාර මනුස්සයෝ

  3. පාසලක විදුහල්පති කෙනෙකුට මෙලෙස අගෞරව කරන අයගේ පහත් ආශාව කුමක්ද… ලංකාවේ මෙලෙස සැගවෙන සැවොම ගැන ඔබ දමනවාද??? දැනට ලංකාවේ කොතරම් පිරිස් එලෙස කරනවාද.. මෙතරම් විස්තර හොයපු සහ මෙලෙස නිවසේ රැක සිට තොරතුරු සොයන ලද මාද්‍යෙව්දියා නිරෝධායනය කල යුතුය. මන්ද ඔහු මෙතෙරම් තොරතුරු සෙවීමට ගිය තැන්වල කොතරම් කොරෝනා වෛරසය තිබෙන්නට ඇත්ද.. මෙම පණිවිඩය දානකන් විදුහල්පතිතුමා කාර්යාලයේ ඉන්නව දැක්කනම්.. ඒ වෙලාවෙ 119 ගහල කියල අල්ලල දෙන්න තිවුනනෙ… මහත්මයානෙනි… කිරි කලේට ගොම දැමිය හැකි නමුත් පසුව ගොම වෙන්කර වෙනම ගත නොහැක… කුමන හෝ පාසලක විදුහල්පතිතුමෙක් පිලිබදව මේ වගේ පණිවිඩයක් දැමීමට පෙර සිය දහස් වතාවක් සිතන්න… ඔබ අධයාපනය ගත් පාසලේ විදුහල් පතිතුමාට ඔය වගේ දෙයක් උනානම් ඔබගේ හැසිරීම කෙබෙදුද… සමාජයට යහපත් පිරිස් බිහිකරන ගුරුවරුන්ගේ නායක ගුරුවරයාට ඇගිල්ල දිගු කිරීමට පෙර සිය දහස්වතාවක් සිතන්න.. පරිස්සමින් සිටින්න.. මා දන්නා දහම තුල මෙලෙස ඇගිල්ල දිගුකරන ඔබටද මේ සොබා දහමතුල නොබෝකල් නොගොස් දඩුවම් දෙනු ඇත.. කොරෝනාව යනු සොබාදහමේ පණිවිඩය ලොවට ගෙනා එක් අවස්ථාවක් පමණී.. තෙරුවන් සරණයි..

    සම්පත් හපුගොඩ

  4. මේවගේ දෙවල් දාන්න කලින් හොයලා බලන්න බොරැදාන්න එපා මිනිස්සුන්ට අපහාස කරන්න එපා වගකිවයුතු මිනිසුන් ලෙස වැඩකරන්න නිව්ස් එකක් දන්න කලින් ඇත්ත නැත්ත හොයන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!