spot_img
spot_imgspot_img

ගාල්ලේ තවත් කොරෝනා මරණ දෙකක්. මුළු ගණන 26යි

පුවත්

විදෙස්

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සහ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි දෙදෙනකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බව අද (17) තහවුරු වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, වැලිවත්ත, ඕල්කට් මාවතේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගිංතොට, කුරුඳුවත්ත, විදානගොඩ පදිංචි 77 හැවිරිදි කාන්තාවකි.

57 හැවිරිදි පුද්ගලයා අසනීප වී ඊයේ (16) නිවසේ සිට රෝහලට ගෙනඑමින් සිටිය දී මියගොස් ඇති අතර 77 හැවිරිදි කාන්තාව ඊයේ (16) නිවසේ දී ම මියගොස් ඇත. එම දෙදෙනා මියයාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා අද ලැබී ඇති අතර ඉන් ඔවුන් දෙදෙනාම කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මෙම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා පවසන්නේ නිවසේ දී මියයන පුද්ගලයන්ගේ මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් පසුව කොරෝන ආසාදිත යැයි තහවුරු කරගත් සංඛ්‍යාව 20කට වැඩි බවයි. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක කොරෝනා දැඩි අවදානමක් පවතින බවත් ආසාදිත බව හෝ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූයේයැයි හඳුනා නොගත් පුද්ගලයන් අවසනාවන්ත ලෙස නිවෙස්වල මියයාම ගැටලුවක් බවත් හෙතෙම පෙන්වාදෙයි. මේ තත්ත්වය නිවැදිව තේරුම් ගෙන නිවෙස්වල මියයන සියලුම පුද්ගලයන්ගේ මෘත දේහ පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් කීවේය.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!