කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන් සොයාගනී

0
176

ගම්පහ රෝහලේ ප්‍රතකාර ලබමින් සිට කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ දිවුලපිටියේ පදිංචි කාන්තාව මිනුවන්ගොඩ, යකාදුව ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තැනැත්තියක බව සෞඛ්‍ය අංශ පවසයි.

39 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව සේවය කරන කර්මාන්තශාලාව වායු සමනය කර ඇති බවත් ඒහි සේවක සේවිකාවන් 400ක් පමණ රැකියාව කරන බවත් අනාවරණය වී තිබේ. මේ වනවිට එම සියලු සේවක සේවිකාවන්ගේ නිවෙස්වෙත ගොස් දැනුම්ත් කිරීමේ කටයුතු සෞඛ්‍ය අංශ විසින් ආරම්භ කර තිබේ.

එම කාන්තාව සමග බසයේ ගමන්ගත් 40ක පමණ පිරිසක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

එම කාන්තාවගේ සැමියා, දරුවන් සිව්දෙනා සහ ඇගේ පියා ද මේ වනවිට නිරෝධායනය යොමුකර සිටිති. සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ඉන් එක් දරුවකුට හුස්මගැනීමේ අපහසුතාවක් සහ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් තිබෙන බවයි. එම කාන්තාව සේවය කළ ඇඟළුම් කම්හලේ ගොඩනැගිල්ල මුද්‍රා තැබීමට ද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here