-2.5 C
New York

‍කැබැල්ලෑවකු මරා දමන කුරුරි මිනිසුන් කැමරාවක සටහන් වෙයි

Published:

කුලියාපිටිය සමූපකාර ඉන්ධන පිරවුම්හළ අසළ පසුගිය සෙනසුරාදා (13) රාත්‍රී පොල්ලකින් ගසා කැබැල්ලෑවකු මරා දමන ආකාරය කැමරාවක සටහන් වී තිබේ. එම කැබැල්ලෑවා ඉන්දන පිරවුම්හළ ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටිය දී පාර අයිනට ගෙනවිත් මෙලෙස මරා දමා ඇත.

කැබැල්ලෑවා යනු මෙරට ආරක්ෂිත සත්ත්වයෙකි. එබැවින් එවැනි සත්ත්වයකු මරා දැමීමට අධිකරණයකින් දඬුවම් ලැබිය හැකි වරදක් ද වෙයි. Indian pangolin ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් සහ සත්ත්ව විද්‍යාත්මකව Manis crassicaudata (මානිස් ක්‍රැසිකෝඩාටා) ලෙස හඳුන්වන කැබැල්ලෑවා ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, භූතානය හා බංග්ලාදේශය ආදී රටවල වාර්තාවන බැවින් මෙරටට ආවේණික සත්ත්ව විශේෂයක් නොවේ.

එසේ වුව ද වන විනාශය සහ මාංශ සඳහා මේ සත්ත්වයා මරා දැමීම හේතුවෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයක් ලෙස නම්කර ඇත. කිරි බී වැඩෙන හෙවත් ක්ෂීරපායී සත්ත්වයකු වන කැබැල්ලෑවා සිරුරේ රෝම නොමැති ලොව එකම ක්ෂීරපායී සත්ත්ව විශේෂය ද වෙයි. පොළොවේ ගුල් හාරාගෙන ජීවත්වන කැබැල්ලෑවන් ඉතාමත් අහිංසක සත්ත්ව විශේෂයක් ලෙස සැළකේ.

මේ කැබැල්ලෑවා මරා දැමූ පුද්ගලයන් හඳුනාගත හැකිනම් ඔවුන්ට නීතියෙන් දඬුවම් දීමට හැකියාව ඇත.

 

Related articles

Recent articles

spot_img