5.6 C
New York

විජමු දිවි සැරිය නිම කරයි

Published:

හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු.ලොකුබණ්ඩාර අද (14) රාත්‍රී කොළඹ බෝවන රෝග මර්ධන විද්‍යායතනයේ දී  අභාවප්‍රාප්ත විය. මියයන විට 81 හැවිරිදි වියේ පසු වූ ඔහු කොරෝනා වයිරසය ආසාදනයවීම හේතුවෙන් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
1941 අප්‍රේල් මස 5 වැනිදා හපුතලේදී උපත ලද විජේසිංහ ජයසිංහ මුදියන්සේලාගේ (විජමු) ලොකුබණ්ඩාර බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත්තේය. 2004 වර්ෂයේ සිට 2010 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙසින් කටයුතු කළේය. පසුව 2010 සිට 2015 දක්වා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසින්ද  කටයුතු කළ හෙතෙම 1977 සිට වසර 30 කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් ද අධ්‍යාපන අමාත්‍යධූරය ඇතුළු අමාත්‍යධූර කිහිපයක්ම හොබවමින් කටයුතු කළේය.

Related articles

Recent articles

spot_img