-1.1 C
New York

වයස 117යි. කොරෝනා සෑදී, සුව වේ

Published:

යුරෝපයේ වයස්ගතම පුද්ලගයා ලෙස හැඳින්වෙන ප්‍රංශ ජාතික කන්‍යා සොයුරියක් ඇගේ 117 වන උපන්දිනයට දින කිහිපයකට පෙර කොරෝනා රෝගයෙන් දිවි ගලවාගෙන ඇතැයි වාර්තා වේ.

1904 වර්ෂයේ පෙබරවාරි 11 දින උපත ලැබූ ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය යුරොපයේ වයස්ගතම තැනැත්තිය ලෙස සැලකෙන අතර ලොව දෙවන වයස්ගතම තැනැත්තිය ද වේ. ඇගේ මුල් නම ලුසි රැන්ඩන් වන අතර 1944 වසරේදී ඇය ඇන්ඩ්‍රේ නමින් කන්‍යා සොයුරියක බවට පත්වූවාය.

පසුගිය ජනවාරි 16 දින ඇයට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වූ නමුත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත.

ප්‍රංශයේ දකුණු දිග ටූලෝන්හි පිහිටි සිය විශාමික නිවසේ වෙසෙන ඇය කොරෝනා ආසාදිත බව දැනගත් පසු අනිත් නේවාසිකයන්ගෙන් වෙන්ව හුදකලාව සිටියාය.

“මට රෝගය සෑදී ඇති බවක් දැනුනේවත් නැහැ. මම බය වුණේ නැහැ. මොකද මම මැරෙන්න බය වුණේ නැහැ. මම ඔබ සමග ඉන්න ආසයි. නමුත් මගේ වැඩිමල් සහෝදරයා, මගේ සීයා, ආච්චි සමග එක්වීමට වඩාත් කැමතියි.” යනුවෙන් ප්‍රංශ ගුවන් විදුලිය අමතමින් ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය පැවසුවාය.

ඇන්ඩ්‍රේ සොයුරියගේ දෙ ඇස් නොපෙනෙන අතර ඇවිදිමේ අපහසුතාවය හේතුවෙන් රෝද පුටුවක් භාවිතා කරයි. වෛද්‍යවරුන් පවසන්නේ ඇන්ඩ්‍රේ මේ වනවිට කොරෝනා රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවයි. ඇය හෙට (11) දිනයේ සිය 117 වන උපන්දිනය සැමරීමට සූදානම්ව සිටියි. 

කෙසේ වුවද කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වෙනදාට වඩා කුඩා පිරිසක් සමග ඇයට උපන්දිනය සැමරීමට සිදුව තිබේ. 

“ඇය ඉතා වාසනාවන්තයි,” සෙන්ට් කැතරින් ලේබර් විශ්‍රාම නිවාසයේ ප්‍රකාශක ඩේවිඩ් ටවෙලා පැවසීය.

Related articles

Recent articles

spot_img