-2.5 C
New York

මළ සිරුරු භූමදානයට ඉඩ දෙන බව අගමැති කියයි

Published:

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු අවශ්‍යනම් භූමදානය සඳහා ඉඩ ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ අද (10) පාර්ලිමේන්තුවේ දී කීවේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ එස්.එම්.මරික්කාර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජලයෙන් කොරෝනා බෝ නොවන බවට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිවරිය පාර්ලිමේන්තුවේ දී පැවසූ බවත් එසේ නම් මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට ඉඩ නොදෙන්නේ කවර හේතුව‍ක් නිසාදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ප්‍රශ්න කළේය.

මේ අවස්ථාවේ දී එය රීති ප්‍රශ්නයක් නොවේ යැයි කියමින් කතානයකවරයා ඔහුට වාඩිවෙන්න යැයි කී නමුත් අගමැතිවරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ කොරෝනා ආසාදිත මළ සිරුරු භූමදානයට ඉඩ දෙන බවයි.

Related articles

Recent articles

spot_img