වසංගතය ආරම්භවූයේ වූහාන්වලින් නොවන බව WHO කියයි

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය ආරම්භ වූයේ චීනයේ වූහාන් නගරයේ මාංශ ආහාර වෙළෙඳ සැළ කේන්ද්‍ර කරගනිමින් යැයි තිබූ මතය සාවද්‍ය බව ඒ පිළිබඳ සොයාබැලීමට චීනයට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිස පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය ලියෑන්ග් වොනියන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක දී කියා සිටි‍යේ වූහාන් නගරයෙන් ‍වයිරසය මතුවන්නට පෙර ඉන් පිටත ප්‍රදේශවල සති ගණනක් එය සංසරණය වන්නට ඇති බවයි. එමෙන්ම ශීතකළ මස් සමඟ වෙනත් රට සිට මේ වයිරසය චීනයට පැමිණියේ ද යන්න පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බව ද හෙතෙම සඳහන් කරයි.

ලෝක ‍සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම ජනවාරි 14 වැනි දා වූහාන් වෙත පැමිණි අතර, නිරෝධායනයෙන් සති දෙකකට පසු එහි මුල් ආසාදිත පොකුරක් හා සම්බන්ධ වූ මාංශ ළෙවි සැළ වැනි ප්‍රධාන ස්ථාන මෙන්ම, වූහාන් වෛරස විද්‍යා ආයතනය ඇතුළු  නිරීක්ෂණ රැසක් සිදුකරනු ලැබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම පවසන්නේ ඔවුන් ඉල්ලා සිටි සියලුම ස්ථාන සහ පිරිස් වෙත ප්‍රවේශවීමේ පූර්ණ අවසරය චීන කිසිදු විරෝධයක් මතු නොකර ලබාදුන් බවයි.

“අපට යාමට අවශ්‍යවන ස්ථාන ගැන අපෙන් විමසා සිටියා. අපි අපට අවශ්‍ය තැන් ගැන ලේඛනයක් ලබා දුන්නා. ඒ වගේම අපට අවශ්‍ය සියලු වැදගත් ස්ථානවලට අප ගියා.” යැයි විශේෂඥ කණ්ඩායමේ සාමාජික පීටර් ඩසාත් පවසයි.

විශේෂඥයන් කණ්ඩායම පවසන්නේ කොරෝනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ ඉදිරි අධ්‍යන කටයුතු ලෝකයේ රටවල් කිහිපයකට පුළුල් කිරීමට සිදුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles