“මම එතනට ගියේ දවසෙ රෑ එළිවෙනකල් ඇඳ උඩ වාඩි වෙලා හිටියෙ. ඇතුළු වෙද්දිම කාමරේ බිම පුරා අපිරිසිදු වතුර පිරිල තිබුන. නාන කාමර පිරිසිදු කරල නෑ. ඒක ඇතුළෙ බිම කලුපාටට මොනවදෝ තැන තැන වැටිල තිබුණා. වමනෙට එන තරම් අප්‍රසන්නයි.”
ඔය ටික මට කිව්වෙ පූනානි කොවිඩ් නිරෝධානය මධ්‍යස්ථානය ඇතුලේ දින ගණනක් ගත කරපු කෙනෙක්.
දාල තියෙන්නෙ ඒක ඇතුළෙ ඡායාරූප කීපයක්.
මේ බොහෝ පින්තූර හරිම අපිරිසිදුයි. වඩාත් අප්‍රසන්න ඡායාරූප මෙතන දැම්මෙ නෑ. ඒ වගේම ඡායාරූප ගත කරන්නවත් බැරිතරම් අප්‍රසන්න තැන් බොහොමයක් ඒක ඇතුළෙ තිබ්බ බව මට කිව්වෙත් මේ ටික එවපු කෙනාමයි.
පිරිසිදු නොකල වැසිකිළි වගේම ඒවායේ බිම කලුපාටට මොනවදෝ විසිරිලා තිබුණේ අප්‍රසන්න අයුරින්
ජනේල වසා නොදැමිම නිසා වතුර පිරී අපිරිසිදු වුන කාමර.
අපිරිසිදු සහ පිටතට ඉඳුල් විසිරුණු කුණු කූඩ.
ඔය මම කිව්වෙ අහපු අප්‍රසන්න කතාවෙන් ටිකක් විතරයි.
දැන් මේ මුල ටික කියවපු ගමන් රජයට, මේවා පාලනය කරන සෞඛ්‍ය අංශවලට, හමුදාවට බනින්න තියාගන්න එපා. කොරෝනා වගේ රෝගයකට ප්‍රතිකාර කරන තැනක් පවිත්‍ර කරන්න පිටතින් යොදවන්න වෙන්නෙ නිරෝගී අය. ඒක ප්‍රායෝගිකව දුෂ්කර කර්තව්‍යක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. එතන නිරෝධනයට යන අයට තමන් අතින් විය යුතු මූලික යුතුකම් ටිකවත් කරන්න බැරි නම් ඒ තැන අපායක් වෙන එක අරුමයක් නෙමේ.
වැසිකිළිය පාවිච්චි කලාම වතුර දාන්න. ඉඳුල් ටික පිලිවෙලට බැහැර කරන්න, සනීප වෙලා පිටත්වෙන දවසෙ තමන් හිටි කාමරයේ ජනෙල් වහල දාන්න බැරිනම් ඒකට කියන්නෙ අමනකම.
පවතින ඕනම ආන්ඩුවකට කඩේ යන්න වගේම දෙස් දෙවොල් තියන්න ඕන තරම් මිනිස්සු ඉන්නව.
ඒත් තමන්ගෙ අතින් වෙන්න ඕන යුතුකම්-වගකීම් ගැන එක දශමයක් කල්පනාවට එන්නෙ නැති කාපු බීපු තැන පහරන හරක් හැම තැනම.
නමුත් ජනතාවාදී කියාගන්න රජයකටත් මේ වගකීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න අයිතියක් නැති බවත් අමතක කරන්න එපා.
ඔය අන්තිම පින්තූර වල තියෙන්නෙ මට මේ තොරතුරු සපයපු කෙනා සහ එයාගෙ ඉතිරි කාමර සගයන් තුන්දෙනා එතනින් පිටත් වෙලා එද්දි තමන්ගෙ යුතුකම ඉටු කරපු අපූරුව.
(සටහන – සමීර බෝපගේ)
wow