-1.1 C
New York

ඉන්දියාවේ හිම කන්ද නායයාමෙන් විශාල පිරිසක් මරුට

Published:

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ හිම කන්දක් නායයාමෙන් ගංඟා වේල්ලක් කැඩී 150ක් පමණ පිරිසක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

හිම කන්ද නායයාමෙන් ධූලිගංඟා නම් ගංඟාවේ ජල මට්ටම ඉහළ ගොස් වේල්ල කැඩී ගොස් ඇත.

“ඒක මඩ – ගල් – වතුර එක්ක මහා ප්‍රවාහයක් වගේ කඩාගෙන මිටියාවත දිගේ පහළට ගලා ආවා… කිසි කෙනෙකුට අනතුරු ඇඟවීමක් කරන්න කාලයක් ලැබුණේ නෑ…“
“මම හිතුවේ මාවත් ගහගෙන යයි කියලා… ඒක ඒ තරම්ම වේගවත්“ යයි රයිනි මිටියාවතේ ජීවත්වන සන්ජේ සිං කියයි. 

චමෝලි දිස්ත්‍රික්කයේ තපෝවන් ආසන්නයේ රයිනි ගම්මානයේ පිරිසක් මෙලෙස අනතුරට ලක්වී ඇත. සිද්ධිය වන අවස්ථාවේ ගම්මානයේ පිහිටි විදුලි බලාගාරයක කම්කරුවන් 50ක් පමණ සේවය කරමින් සිට ඇතැයි බලධාරීහු පවසති. පොලිසිය පවසන්නේ විදුලි බලාගාරයට ද හානි සිදුවී ඇති බවයි. ්‍

ගං ඉවුරු අසළ වෙසෙන ජනතාවට හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ද උපදෙස් දී තිබේ. හරිද්වාර් සහ රිෂිකේෂ් නගරවලට ද මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. විදුලිබල ව්‍යාපෘතියේ වේලි කිහිපයක්ද කැඩීගොස් ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද ප්‍රාදේශීය වාර්තා සඳහන් කරන්නේ විදුලිබල ව්‍යාපෘතියේ 150ක පමණ සේවක පිරිසක් අනතුරට පත්වී ඇති බවයි. උත්තරකාන්ද් මහ ඇමති තිවේන්ද්‍ර සිං පවසන්නේ පොලිසිය සහ ආපදා සහන සේවා නිලධාරීන් කඩිනමින් එම ස්ථානයට යවා ඇති බවය. රජය අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවද හෙතෙම පවසයි.

Related articles

Recent articles

spot_img