spot_img
spot_imgspot_img

හිටපු ජනපතිට අගමැතිට එරෙහිව අපරාධ චෝදනා ?

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන රජයේ ප්‍රධානින් රැසකට එරෙහිව අපරාධ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ෂණය කිරීම සඳහා පත්කළ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාව සිය අවසන් වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

හිටපු ජනාධිපති සහ අගමැතිවරයාට අමතරව ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ ජාතික බුද්ධි ඒකකයේ ප්‍රධානි සිසිර මෙන්ඩිස්ට එරෙහිව ද අපරාධ චෝදනා ගොනු කරන ලෙස මෙහිදී නිර්දේශ ඉදිරිපත් කොට ඇත.

කල් තියා අනතුරු අඟවා තිබියදී පාස්කු ඉරුදින ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් මෙම චෝදනා ගොනුකළ යුතු බව නිර්දේශ කර තිබේ.

පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉකුත් සඳුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිය.

ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන්ට අමතර අන්තවාදී අදහස් පතුරුවන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ ඒ පිළිබඳව නිසි විමර්ෂන සිදුනොකළ නිලධාරින් සම්බන්ධයෙන් ද කොමිසම විසින් සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කොට ඇත.

හෙට දිනයේදී රැස්වීමට නියමිත කැබිනට් මණ්ඩලයේදී පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන කොමිෂන් වාර්තාව ගැන සාකච්ජා කිරීමට නියමිතව ඇති අතර වාර්තාව මේ දකවා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර නොමැති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එමෙන්ම මෙම කොමිසමේ වාර්තාව නිකුත් කිරීමෙන් පසු අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් තතු දත් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙවර ජාතික නිදහස් දින උත්සවයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතමින් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. ඒ විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව සහ පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් ලබාදී ඇති නිර්දේශ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!