-2.5 C
New York

චීනයෙන් ලොකු සල්ලියක් ගන්න යයි

Published:

මෙරට විදේශ විනිමය සංචිත පවත්වාගෙන යාම සඳහා චීනයෙන් ඇමෙරිකන් ඩොලර් කෝටි 150ක විනිමය හුවමාරු පහසුකමක් ලබාගැනීම සඳහා චීනය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව, චීන මහ බැංකුව සමඟ මේ පිළිබඳ පැවැත්වූ සාකච්ඡා මේ දක්වා සාර්ථක වී ඇතැයි ද රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. විදේ සංචිතය ශක්තිමත් කිරීම සහා රජය පසුගිය වසරේ ඉන්දීය සංචිත බැංකුවෙන් ද ඇමෙරිකානු ඩොලර් කෝටි 40ක විනිමය හුවමාරු පහසුකම්ක ලබා ගත් අතර එය පසුගිය සතියේ ආපසු ගෙවා දමා ඇතැයි ද පැවසේ.

මෙලෙස විනිමය හුවමාරු පහසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කොරියාව, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව යන රටවල මහ බැංකු සමඟ ද සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ මීට අමතරව ඇමෙරිකානු ඩොලර් කෝටි 50ක පමණ මුදලක් මෙරට පෞද්ගලික බැංකුවලින් ද එකතු කරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටින බවයි.  

Related articles

Recent articles

spot_img