මා වෙත පැමිණි. බස් කොන්දොස්තවරයකු කියා සිටින්නේ, “දැන් සර් ටියුශන් යන ළමයි අළුත් ක්‍රමයක් හොයා ගෙන ලව් කරන්න” යනුවෙනි.
මා ඔහුට ඉතිරිය කියන්නට ඉඩ දුන්නෙමි. අපේ බස් එක ස්ටෑන්ඩ් එකට එන්න, කොටුව පාරේ නවත්වා තිබුණ තැනින් ස්ටාර්ට් කළා. අපේ බස් එකේ නැගලා හිටපු ජෝඩු 3 අපිට පස්සෙන් තිබුන බස් එකට නැග්ගා. අපි හිතුවා අපේ බස් එකේ නැගලා හිටියේ ගෙදර යන්න කියා.
අනේ සර්….” කියද්දී,
“හරි, ඒ ළමයි පාසැල් දරුවෝ නම්, එහෙම නාස්ති වෙන්නට දෙන්න බෑ. මං බලන්නම්. ස්තුතියි!” කියා මා වහාම, සඳහන් කල බස් රථය අති තැනට යතුරු පැදියන් ගොස් ගොඩ වුනෙමි.
අවදානයෙන් සිටි පිරිමි ළමුන් දෙදෙනෙක් මා එනවා දැක පෙම්වතියන් දෙදෙනා අතහැර පලා ගියහ.
පිටුපස දොරටුවට පිටුපස ආසනයේ ආවරණය වී ඇති තැන යුවළට කර කියා ගන්නට දෙයක් නොවීය.
තරුණ දියණිය කඩිමුඩියේ මුව ආවරණය පළඳින්නේය. තරුණයාට එයටත් ඉඩක් නොවීය.
මේ තරුණ දියණියන් තිදෙනාම උසස් පෙළ හදාරණ අයයි.
බසයේ ඉතිරි වූ තරුණයා වසර ගණනකට පෙර පාසැල හැර ගිය අයෙකි.
දෙමාපියන් මුළාකර, තමාගේ ජීවිතද මුළාවට හසුකරගෙන, ඉගෙනීම කඩාකප්පල් කරගෙන නිවසට නොගොස් මෙසේ හැසිරීම ගැන, විශේෂයෙන් Covid 19 වසංගතයේ අවදානයද නොතකා ක්‍රියා කිරීම ගැන පොලිස් නිලධාරියෙකුට එහා ගිය පියෙක් සිතන ආකාරයෙන් අවවාද කොට බැනුම් කෝටියක් මුදාහරින්නට සද්භාවයෙන් ක්‍රියා කලෙමි. මේ පණිවුඩය, නගරයට දුවා දරුවන් නිවසින් එවන දෙමාපියන්ගේ අවදානය සඳහාය.
දරුවන් උපකාරක පන්තියට යෑමට, ඒමට සහ පන්තියේ ගතකරන කාලය මැනවින් අධ්‍යනයක් කළ යුතු අතර, පන්ති ගියේනම්, එහි උගත් දේවල් පොත්පත්වල සඳහන්දැයි පරීක්ෂා කිරීමෙන් යම්තාක් දුරට දරුවන් පරිස්සම් කරගත හැක.
විමල් ජයසේකර
2021 පෙබරවාරි 6 දින
