ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 31 දෛනකු ද වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇත.
වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති සමස්ත ක්‍රීඩකයන් සංඛ්‍යාව 1,097ක් වන අතර ඉන්දීය ක්‍රීඩකයන් 814ක් හා විදෙස් ක්‍රීඩකයන් 283ක් ඒ අතර සිටින බව සංවිධායකවරු කියති.
කෙසේවෙතත් ක්‍රීඩක වෙන්දේසි දිනට පෙර මෙම ලැයිස්තුව කප්පාදු කිරීම ද සිදුවේ. මීටපෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම නියෝජනය කළ ඔස්ට්‍රේලියාවේ වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් මෙවර ක්‍රීඩක ලැයිස්තුව සඳහා ලියපදිංචි වී නොමැතිවීම විශේෂත්වයකි.
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරේ IPL තරඟාවලිය ඩුබායි හිදී පැවැත්වු අතර මෙවර තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට හැකිවනු ඇති බව තරඟ සංවිධායකයින් මීටපෙර ප්‍රකාශකර තිබුණි.