සෝමාවතිය රක්ෂිතයේ බොරපන්වැව ආශ්‍රිතව ට්‍රැක්ටර් යොදාගෙන අක්කර සිය ගණනක් වගා කටයුතු සඳහා අනවසරයෙන් එළිපෙහෙළි කර ඇති අයුරු අද දෙරණ වාර්තා කරයි.
පොළොන්නරුවේ ජල ගැලුම් නිම්න කලාපය තුළ එම රක්ෂිතය පිහිටා තිබේ.
මෙම විනාශය අනාවරණය වී තිබෙන්නේ, එම ජාතික වනෝද්‍යානයේම අනෙක් පස පිහිටි වෙහෙරගොඩයාය ප්‍රදේශයේ අනවසර එළිපෙහෙළි කිරීම් හා ගවගාල් පවත්වාගෙන යෑම පිළිබඳව බලධාරීන්ගේ අවධානයට යොමුකර ඇති පසුබිමක ය.
එම ප්‍රදේශයේ සිට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි ජල ගැලුම් නිම්න කලාපයේම මැදිරිගිරිය, පල්ලියගොඩැල්ල සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ අක්කර සිය ගණනක් මාස කිහිපයක සිට අනවසරයෙන් එළිපෙහෙළි කරන බවටද වාර්තා වුණි.
මේ පිළිබඳව සොයාබැලීමට පල්ලියගොඩැල්ල ග්‍රාම නිලධාරීවරයා, ප්‍රදේශවාසීන් සමග ඊයේ (04) එහි ගොස් තිබුණි.
එහිදී පුද්ගලයින් කිහිප දෙනෙක් වනය තුළ සිට ට්‍රැක්ටර් රථයකින් වේගයෙන් පිටතට පැමිණ ග්‍රාම නිලධාරීවරයාගේ ප්‍රහ්න කිරීම් හමුවේ පලා ගියහ.
අනතුරුව ජල ගැලුම් නිම්න කලාපය වෙත ඇතුළුවීමේදී දැකගන්නට ලැබුණේ බොරපන්වැව හා විල්ලු ආශ්‍රිත භූමිය ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර යොදා විනාශකර ඇති අයුරු ය.
එමෙන්ම, කුඹුක්, හැලඹ, හල්මිල්ල ඇතුළු වටිනා දැවැන්ත ගස් 300කට අධික ප්‍රමාණයක් යන්ත්‍ර උපයෝගී කරගනිමින් කපා දමා තිබුණි.
වගා කටයුතු සිදුකිරීම සඳහා අක්කර සිය ගණනක් මෙලෙස අනවසරයෙන් සකසා තිබූ අතර මේ පිළිබඳව පල්ලියගොඩැල්ල ග්‍රාම නිලධාරීවරයා විසින් මැදිරිගිරිය සහ සෝමාවතිය වනජීවි නිලධාරීන් දැනුවත් කිරීමට ද පියවර ගත්තේය.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පල්ලියගොඩැල්ල ප්‍රදේශවාසීන් සඳහන් කළේ, “රාත්‍රි කාලයේ ඇවිත් තමයි මේ විනාශය කරන්නේ. උදේට කවුරුත් නෑ. කවුද එන්නේ. කවුද යන්නේ කියලා කිසිදෙයක් ගම්මු දන්නේ නෑ. බලධාරීන් මේකට දැඩි පියවරක් ගන්න ඕනේ,” යනුවෙනි.
වියළි කලාපයේ පිහිටි එකම ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ විවිධ පාර්ශව විසින් සිදුකරන අනවසර එළිපෙහෙළි කිරීම නවතා එය ආරක්ෂා කරගැනීමට කඩිනමින් පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමකි.