ශ්‍රී ලංකාවේ මාධ්‍ය පිළිබඳ වර්තමානය වනවිට බොහෝ විවේචන, අදහස් උදහස් බොහෝ දෙනකු තුළ තිබෙනවා.
මාධ්‍ය මේ ජන සමාජයේ වගකීම නිසි පරිදි ඉටුකරනවාද ? නැතිනම් තම වාණිජ අරමුණු ඉලක්ක කරගනිමින් පමණක් කටයුතු කරනවාද ? යන කරුණු පිළිබඳ සමාජයේ බොහෝ දෙනකු වරින් වර සාකච්ඡා කරනවා.
මේ පිළිබඳ අද (06) වැනි දා සවස 4.00 – 6.00 දක්වා නූතනවාදී සමාජ කතිකාවක් Zoom තාක්ෂණ්‍ය ඔස්සේ සංවිධානය කර තිබෙනවා. මෙය සංවිධානය කරන්නේ පුනරුදය සංවිධානය විසින් ඔබ සැමට ආරාධනා කරනවා මේ සංවාදයට එක්වී ඔබේ වටිනා අදහස් ද දක්වන ලෙස
සාකච්ඡාවට එක්වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් දෙපළක් වූ නාලක ගුණවර්ධන සමඟ විජයානන්ද ජයවීර. ඔබත් එක්වන්න මේ සංවාදයට
Zoom Meeting ID – 5473061528
Password – 1948