spot_img
spot_imgspot_img

විශ්‍රාමික හමුදා නිලධාරීන්ට නිල ඇඳුමක් හඳුන්වා දෙයි

පුවත්

විදෙස්

විශ්‍රාමික හමුදා නිලධාරීන්ට විශේෂ නිල ඇඳුමක් හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇත.

ඔවුන්ට මෙතෙක් එවැනි නිල ඇඳුමක් නොතිබූ බැවින් උත්සව සඳහා සහභාගී වූයේ සාමාන්‍ය සිවිල් ඇඳුමිනි. ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ සේවා මුක්ත භට සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහාය ඇතිව විශ්‍රාමික හමුදා නිලධාරීන් සඳහා සුදුසු මෙම ඇඳුම් රෙගුලාසි මාලාව සම්පාදනය කළ බව ආරක්ෂක ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය සඳහන් කර ඇත.

ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු මෙම අවස්ථාවට සහභාගී වූ සේවාමුක්ත භට සංගමයේ සාමාජිකයින් හට මෙම ඇඳුම් රෙගුලාසි මාලාව අනුගමනය කරමින්  එකී ඇදුම හදුන්වා දෙන ලදී.

එහිදී ජෙනරල් ගුණරත්න යුද හමුදා සේවය “එය ඉතා කටුක, දුෂ්කරතා රාශියක් මැද විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදුවූ සේවාවක් වන අතර අදටත් විවිධ මුහුණුවරින් අභියෝග එල්ල වෙමින් තිබේ” යනුවෙන් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!