spot_img
spot_imgspot_img

කොරෝනා පැණි ගැන කියූ ඇමති චන්න ජයසුමනත් එන්නත ගැන විශ්වාස කරයි

පුවත්

විදෙස්

මෙරට කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙල හරහා ඉදිරි මාස තුනේ දී කොරෝනා රෝගයෙන් රට නිදහස් කරගත හැකි බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මාත්‍රා ලක්ෂ 180ක ඇණුවුම් ලබා දී ඇති බවයි ජනගහණයෙන් ලක්ෂ 150කට පමණ අවම වශයෙන් මෙම එන්නත ලබාදිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉන් 20% එන්නත ලබාදීමටකැමැත්ත පළකර තිබෙන බවත් හෙතෙම පවසයි.

කෙරෝනා සුව කිරීමට දිව ඔසුවක් යැයි කියූ කෑගල්ලේ ධම්මික පැණිය ඇතුළු විවිධ වට්ටෝරු අති සාර්ථක බවත් ඒවා වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවත් පසුගිය දිනවල මාධ්‍යමගින් පැවසූ මහාචාර්යවරයා මෙලෙස කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳ විශ්වාසය තබා තිබීම සුබදායී බව සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!