spot_img
spot_imgspot_img

ගාල්ලේ කොරෝනා එන්නත් ජාවාරමක් හෙළිවේ

පුවත්

විදෙස්

කොරෝනා එන්නත ලබාදීමේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ දැවැන්ත ජාවාරමක් සිදුවෙමින් තිබේ. වසංගත තත්ත්වය පාලනය සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරියකු මෙම එන්නත් හොර පාරේ ලබාදීම සිදුකරන බවත් උණවටුන දිස්ත්‍රික් රෝ්හලේ දී අදාල නොවන පුද්ගලයන්ට එන්නත ලබාදෙන බවත් අනාවරණය වෙයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් දෙකක විදුහල්පති දෙපළකට හොර පාරෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාදුන් බවට අපි rata.lk වෙබ් අඩවිය මගින් ඊයේ (03) හෙළි කළෙමු. ඉන් පසුව ද ඒ සම්බන්ධ තොරතුරු රාශියක් විවිධ පාර්ශවයන් විසින් අප වෙත ලබා දී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ එන්නත් විදීම සිදුකරනු ලබන්නේ රෝහල්වල දී එම කාර්ය මණ්ඩලයට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දී ඔවුන්ගේ කාර්ය මණ්ඩලවලට සහ ගාල්ල උණවටුනේ ඇති දිස්තත්‍රික් රෝහලේ දී පමණි.

ඊයේ ගාල්ලේ විදුහලක විදුහල්පතිවරයකුට හා විදුහල්පතිනයකට මේ එන්නත ලැබී ඇත්තේ සෞඛ්‍ය අංශයේ සිටින ඔවුන්ගේ හිතවතකු මාර්ගයෙනි. එන්නත් විදීමේ තොරතුරු සඳහන් කරන කාඩ් පතේ  මෙම විදුහල්පතිවරයා සහ පතිනිය දෙදෙනාගේම තනතුරු සඳහන් කර ඇත්තේ ඔවුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවකයන් බවට සටහන් තබමිණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පවත්වාගෙන යන ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි එන්නත් නිකුත් කිරීමේ නිසි බලධාරියා වෙයි. ගාල්ලට ලැබුණු එන්නත් අතරින් එන්නත් 4300ක් කරාපිටිය ශික්ෂණ රෝහල මගින් ඉල්ලා තිබූ අතර ඉන් එන්නත් 2000ක් පළමු දිනයේ දී නිකුත් කර තිබිණි. ඉන් පසු එන්නත් ලබාගැනීම සඳහා කරාපිටිය රෝහලේ කාර්ය මණ්ඩලය එහි ගිය විට වසංගත වේදඥවරයා පවසා ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ශීතාගාර නිසි පරිදි ක්‍රියාත්මක නොවන බැවින් එන්නත් නොදෙන ලෙසයි. නමුත් කරාපිටිය ශික්ෂණ රෝහලේ එන්නත් ගබඩා කරන ශීීතාගාරය සෙල්සියස් අංශක 02ක උෂ්ණත්වයේ පවත්වාගත හැකි වුව ද දකුණු පළාත් ප්‍රාදේශීය වෛද්‍ය සැපයීම් අංශයේ ශීතාගාරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 06ක් බව ඔහු දන්නේ නැත. ඔහු එවැනි ප්‍රකාශක් කරන්නේ සොයා බැලීමකින් තොරව තම හිතුමතයටය. වසංගත රෝග වේදඥවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට එන්නත් ලබාදීමේ දී එතරම් සැළකිලිමත් වන්නේ නම් මෙවැනි ජාවාරමක් සිදුවන්නේ කෙසේ ද යන්න ගැටලුවකි.

මේ එන්නත් ජාවාරමේ සුළ මුළ හෙළිකරගැනීමේ දී අනාවරණය වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ එන්නත් සම්බන්ධ තීරණ ගැනීමේ හැකියාව ඇති වෛද්‍යවරයා තම හිතවතුන්ට දුරකථනයෙන් අමතමින් එන්නත් ලබා දිය හැකි බවත් ඒ සඳහා පැමිණෙන ලෙසත් ආරාධනා කරන බවයි.

මෙම ලිපිය ලියන අපගේ හිතවතකුට ද ඔහු එන්නත් ලබාගැනීම පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ. එමෙන් ම මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීම සඳහා අප මාධ්‍යවේදියකු මගින් අදාල වෛද්‍යවරයා ඇමතූ විට ඔහු පවසා ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ඔහුට ද ලබාදිය හැකි බවයි.

නමුත් අප දන්නා තරමින් දැනට මේ එන්නත ලබාදීමට රජයෙන් නිර්දේශ කර ඇත්තේ සෞඛ්‍ය සේවාවේ සෘජුවම කොරෝනා රෝගීන් සමඟ ආශ්‍රිත විය හැකි පුද්ගලන්ට හා එවැනිම ආරක්ෂක සේවා නිලධාරීන්ට පමණි. ගාල්ලේ ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන්ගේ හිතවත් මාධ්‍යවේදීන්ට, විදුහල්වල විදුහල්පතිවරුන්ට එන්නත් ලබාදීමට මෙතෙක් නිර්දේශ ලබා දී නොමැත.

රටේ ඇති සෑම දෙයකටම මාධ්‍ය නිවේදන නිකුත් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් මේ ජාවාරම පිළිබඳ කරුණු විමසීමට උත්සාහ ගත්විට එහි බලධාරීන් කරන්නේ ප්‍රශ්නයට සවන් දී දුරක්ථනය විසන්ධි කිරීම පමණි.

තහවුරු වූ කරුණුවලින් කියවෙන්නේ උණවටුන දිස්ත්‍රික් රෝහලේ අසුන්දර චරිතයක් විසින් මේ එන්නත් කිරීම සිදුකරන බවයි. ඔහු ද තම හිතවත් විදුහ්ලපතිවරුන්ට දුරකථනයෙන් ඇමතුම් ලබා දෙමින් එන්නත් කරගැනීම සඳහා පැමිණෙන්න යැයි ආරාධනා කර ඇත. නමුත් ඇතැම් විදුහල්පතිවරු මේ ආරාධනය ප්‍රතික්ෂේප කර ඇති බව ද දැනගන්නට ඇත. සවස් කාලයේ තමන් සමඟ සාද පවත්වන මිතුරන් සෞඛ්‍ය අංශයේ තනතුරු දරන්නන් බවට ව්‍යාජ ලෙස සඳහන් කරමින් කොරෝනා එන්නත ලබාදීම ඔහු සිදුකරමින් පවතී.

මේ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරියකු වන ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චිගෙන් විමසීමට උත්සාහ ගත්ත ද ඔහු අපගේ ඇමතුම්වලට පිළීතුරු දෙන් නැත. ඔහු වරක් අපට කීවේ තමන් කියන දේ පමණක් නොලියන බැවින් අපට තොරතුරු නොදෙන බවයි. මාධ්‍යකරුවන් ලෙස අප ඔහු කියන දේ ලිවීමට බැඳී නැත. නමුත් ඔහුට මේ සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමට අවශ්‍යතාවක් ඇත්නම් එයට ද මේ හා සමාන ඉඩක් වෙන්කරන බව මෙහිි සඳහන් කරන්නෙමු.

සෞඛ්‍ය අංශයේ සේවකයන් ලෙස කූඨ ලේඛනයක් සකසමින් එන්නත් කරගත් විදුහල්පතිවරයා අමතා මාධ්‍යවේදියකු ඒ පිළිබඳ විස්තර විමසූ විට තමන් එන්නත් කරගත් බව ඔහු තහවුරු කළේය. එමෙන් ම තමන් එන්නත විදගත් බවට ඔහු විවිධ පුද්ගලයන් සමඟ පවසා තිබේ.

අදාල විදුහල්පතිනිය ද තම රැකියාව සෞඛ්‍ය අංශයේ සුළු සේවිකාවක බව එන්නත් සටහන් පත්‍රයේ කූඨ ලෙස සටහන් කරමින් එන්නත් විදගෙන ඇත. තමන් එන්නත් විද ගැනීමෙන් පසු අධික වේදනාවට ලක්වූ බව ද ඇය තම හිතවතුන්ට පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!