spot_img
spot_imgspot_img

උණවටුන මුහුදේ තිබූ දිරානොයන කුණු තොගයක් ගොඩ ගනී

පුවත්

විදෙස්

උණවටුන කොරල පර පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (01) උණවටුන වෙරළ තීරයේ දී පැවැත්විණි.

ඕෂන් ශ්‍රී ලංකා ‍පදනම සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය සහ උණවටුනේ ක්‍රියාත්මක කිමිදුම් සමාජ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෑතක දී ජාත්‍යන්තර කිමිදුම් බලපත්‍ර ලබාගත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ද සම්බන්ධවී තිබීම විශේෂත්වයකි.

ඉතාමත් සුන්දර සජීවී තත්ත්වයෙන් තිබූ උණවටුන කොරල්පරය වෙරළ අපවිත්‍රවීම හා සාගරයට අපද්‍රව්‍ය එකතුවීම නිසාම දැඩි ලෙස අපවිත්‍රව තිබෙන බව ඔවුහු කියති.

මේ ස්ථානයේ නිතර කිමිදුම් කටයුතුවල යෙදෙන සමුද්‍ර පුරාවිද්‍යාඥයකු සහ කිමිදුම් උපදේශකයකු වන රසික මුතුකුමාරණ පවසන්නේ උණවටුනේ කොරල් පරයේ අපද්‍රව්‍ය විශාල වශයෙන් රැඳී ඇති බවයි. කොරල් පරය තවදුරටත් සජීවී තත්ත්වයෙන් පවත්වාගැනීම සඳහා එම අපද්‍රව්‍ය ඉවත් කිරීම කඩිනම් අවශ්‍යතාවකි. අද ඉන් කොටසක් ඉවත්කර තිබේ. කොරල්පර පිරිසිදු කිරීමේ යෙදුණු මෙම පිරිස පවසන්නේ කොරල්පරවල විවිධ බැනර්, ඉටිකොළ, පොලිතීන් ඇතුළු දිරා නොයන අපද්‍රව රැසක් පවතින බවයි. ඉන් කොටසක් අද ඉවත් කර ඇති අතර ඉදිරියේ දී මෙවැනි වැඩසටහන් කහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!