කොටියා ඉතා දරුණු විලෝපිකයෙකි. කුසගින්නේ සිටින විටෙක තම ජීවිතය පවා පරදුවට තබමින් දඩයම් කිරීම කොටින්ගේ සිරිතයි
නමුත් මාංශ භක්ෂක නොවන ශාක මත පමණක් යැපෙන කුළුහරකුන් ද වනයේ දී දරුණු සත්ත්වයෙකි. තමන්ට හෝ තම රංචුවේ කවරකුට හෝ අනතුරක් සිදුවන විට කුළුහරකුන් රංචුවම එක් වී සතුරාට එරෙහිව සටනට යන වීඩියෝ දර්ශන ඕනෑ තරම් විදෙස් රටවල දක්නට ලැබේ.
මේ ශ්‍රී ලංකාවේ යාල ජාතික වනෝද්‍යානයේ දී වූ සිද්ධියකි. යාල සෆාරි ජීප් රියදුරන් විසින් ජුලියස් ලෙස නම්කර තිබෙන කොටියා දඩයමේ ගොස් කුළුහරක් රංචුවක පැටවකු ඩැහැගන්නා ආකාරය මෙහි දැක්වේ. කුළු හරකුන් කොටියාට පෙරළා පහර දුන්න ද කොටියා තම ගොදුර ඇත් නොහැර පහර කමින් ම වනයට වැදෙයි.
ශ්‍රී ලංකාවේ කොටි ගැන ඉතාමත් වටිනා තොරතුරු නිරන්තරව පළ කරනු ලබන LEOPOCON Sri Lanka නමැති twitter ගිනුමේ මේ දර්ශනය පළ කර තිබිණි.
ශ්‍රී ලංකාවේ වනාන්තරවල කුළුහරක් රංචු දක්නට ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ කුමන ජාතික වනෝද්‍යානයේ ය. ශ්‍රී ලංකාවේ වනාන්තරවල සිටින කුළුහරකුන්ට ඇති ජෛව විද්‍යාත්මක දැඩි අවදානම ගෘහාශ්‍රිත කරන ලද මී හරකුන් ගොවීන් විසින් කැලයට මුදාහැර තමන්ට අවශ්‍ය කාලවල දී පමණක් ඔවුන් යළි ගාල් කරගැනීමයි. මෙලෙස කැලයට පිවිසෙන මී හරකුන් ද වනයේ සිටින කුළුහරකුන්ගේ රංචුවලට එක් වී ඔවුන් සමඟ අභිජනනය කිරීම හේතුවෙන් වනගත කුළුමහරකුන්ගේ ජාන වෙනස්කම් සිදුවෙමින් පවතී. මෙය ඔවුන්ගේ පැවැත්මට ඇති අතිශය බරපතල තර්ජනයකි