ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ 14 වැනි කොරෝනා මරණය වංචාවල පැදින්නෝරුවෙන් වාර්තා වී තිබේ.
මියගොස් ඇත්තේ 62 හැවිරිදි පිරිමි පුද්ගලයකු බව උණවටුන හදිසි මරණ පරීක්ෂක නිරෝෂා නිල්මිණි පවසයි.
හෘද රෝගයකින් දීර්ඝ කාලයක් පීඩාවිඳි එම පුද්ගලයා හදිසියේ අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් ඊයේ (30) සවස 2.00ට පමණ මීපේ රෝහලට ගෙනගොස් ඇත. රථය අසළට පැමිණි වෛද්‍යවරයකු රෝගියා පරීක්ෂාකර බලා කියා ඇත්තේ ඒ වනවිටත් මියගොස් ඇති බැවින් මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂකට දැනුම් දෙන ලෙසයි. ඒ අනව පවුලේ ඥාතීන් විසින් මළ සිරුර යළි නිවසට ගෙන ගොස් හදිසි මරණ පරීක්ෂක නිරෝෂා නිල්මිණිට දැනුම් දීමෙන් පසු ඇය සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට යවා පීසීආර් පරීක්ෂණයකට යොමු කරන ලෙස නියෝග කර තිබිණි.
ඊයේ රාත්‍රී 7.00ට පමණ කරාපිටිය රෝහලට රැගෙන ආ දේහයෙන් ලබාගත් ජෛව සාම්පලවල වාර්තාව අද (31) සවස ලැබී ඇති අතර ඒ අනුව ඔහු කොරෝනා ආසාදනය වී මියගිය බව තහවුරු වී තිබේ.
මියගිය තැනැත්තාගේ ඥාතීන්ගේ විස්තර විමසීමේ දී ඔවුන් මුලින් කියා සිටියේ කිසිවෙකුත් කොරෝනා අවදානමකට මුහුණ දී නොමැති බව යැයි හදිසි මරණපරීක්ෂක නිරෝෂා නිල්මිණි පවසයි. එසේ වුව ද අද මියගිය තැනත්තාගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු ඔහුගේ දියණිය කොග්ගල පොලිටෙක්ස් ඇඟළුම් කම්හලේ සේවිකාවක බව පවසා තිබේ. එම ඇඟළුම් කාර්මාන්තශාලාවෙන් කොරෝනා ආසාදිතයන් කිහිප දෙනකු ම මේ වනවිට වාර්තා වී ඇත. එසේ වුව ද ඇය පීසීආර් පරීක්ෂණයකට යොමු නොවූ බවත් නිරෝධායනය වී නොසිටි බවත් පවසා ඇත.
මරණයක් සිදු වූ වට තම පවුලේ සාමාජික සමාජිකාවන්ගේ තොරතුරු සෞඛ්‍ය අංශ වෙතින් සහ මරණ පරීක්ෂවරුන්ගෙන් සඟවා දේහයන් ලබාගැනීමට තැත් කිරීම කොරෝනා වසංගතය මර්ධනය කිරීමේ කාර්යය ආසර්ථක වීමට හේතුවක් බව ද හදිසි මරණ පරීක්ෂක නිරෝෂා නිල්මිණි ප්‍රකාශ කළාය.
කරාපිටිය හොස්පිටල් එකේ 35 ලෙඩෙක් පොසිටිව් වෙලලු ඊයෙ..