-1.1 C
New York

මියගිය මවගේ සිරුර වසර 10ක් ශීතකරණයක තියාගත් දියණිය

Published:

මියගිය තම මවගේ සිරුර වසර 10ක කාලයක් ශීතකරණයක තබාගෙන සිටි කාන්තාවක ජපාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුමි යොෂිනෝ නම් 48 හැවිරිදි මෙම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ මීට වසර 10කට පෙර මියගිය මවගේ සිරුර සඟවා තැබූ බවයි.

ටෝකියෝ නගරය ආසන්නයේ මහල් නිවාසයකින් මෙම සිරුර හමුවී තිබේ.

ශීත කළ සිරුරේ කිසිදු තුවාලයක් දක්නට නොලැබුන බව පොලිසිය පවසයි.

කාන්තාවගේ මරණයට හේතුව හෝ එය සිදුවූ කාලය නොදන්නා බවද ඔවුහු පවසති.

යොෂිනෝ මහත්මිය නිවාස කුලී ගෙවීම සඳහා පිටතට ගිය අවස්ථාවේ නිවසට ඇතුළු වූ පිරිසිදු කරන්නෙකුට ශීතකරණයේ තිබූ සිරුර හමුවී ඇත.

පොලිසිය පවසන්නේ ශීතකරණයට දැමීම සඳහා සිරුර නවා ඇති බවයි.

https://www.bbc.com/news/world-asia-55867390

Related articles

Recent articles

spot_img