-1.1 C
New York

මැයි මාසයෙන් පසු තායිවානයෙන් කොරෝනා මරණයක්

Published:

පසුගිය මැයි මාසයෙන් පසු තායිවානයේ සිදුවූ ප්‍රථම කොරෝනා මරණය අද(30) වාර්තා වී තිබේ.

මෙලෙස මියගොස් ඇතිතේ 80 හැවිරිදි කාන්තාවක වන අතර ඇය රෝහලකට සම්බන්ද කොරෝනා පොකුරකින් ආසාදනය වී ඇති බවත් වකුගඩු හා දියවැඩියා රෝග ඉතිහාසයක් ඇති බවත් එරට සෞඛය අමාත්‍ය චෙන් ෂි චුන් මහතා පවසයි.

තායිවානයෙන් මෙතෙක් හමුවී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 909ක් වන අතර ඔවුන්ගෙන් බොහොමයක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

අද සිදුවූ මරණයත් සමග තායිවානයේ මෙතෙක් සිදුවී ඇති කොරෝනා ආශ්‍රිත මරණ සංඛ්‍යාව අටකි.

මේ වනවිට තායිවානයේ රෝහල් වල සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 78කි.

ලොව බොහෝ රටවල් හා සසඳන විට තායිවානයෙන් වාර්තා වී ඇත්තේ අඩු රෝගීන් සංඛ්‍යාවක් බවද වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා තායිවානය ඉක්මන් හා ඵලදායී පියවර ගෙන ඇති බව ද නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

අලුතින් හමුවන සෑම රෝගියෙක් සම්බන්දවම තොරතුරු මහජනතාවට නිකුත් කිරීම සඳහා තායිවාන රජය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වයි.

https://www.reuters.com/article/us-health-coronavirus-taiwan/taiwan-reports-first-covid-19-death-in-eight-months-from-local-cluster-idUSKBN29Z09W

Related articles

Recent articles

spot_img