-5.2 C
New York

පුත්තලම් අලියාගේ පිහිට ලැබූ ඇමෙරිකා යුද යානය

Published:

මෙය ලෝක ගුවන් ඉතිහාසයේ ඉතා දුර්ලභ ඡායාරූපයක් වනවාට සැකයක් නැත. 1944 දී පුත්තලම අර්ධද්වීපයේ තිබූ ගුවන් ධාවන පථයක ප්‍රහාරක යානයක් අලියකු විසින් ඇදගෙනය යාමේ අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයකි.

දෙවැනි ලෝක යුද්ධය පැවැති කාලයේ දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට නතු වී තිබූ බැවින් මෙරට මිත්‍ර හමුදාවන්ගේ ආසියානු කලාපයේ උපාය මාර්ගික වැදගත් කමක් සහිත ස්ථානයක් වී තිබිණි. ජපන් ආක්‍රමණයට පවා ලක් වූ ශ්‍රී ලංකාවේ, බ්‍රිතාන්‍යයන් විසින් මෙහෙයුම් පුළුල් කරන විට පුත්තලමේ කල්පිටිය ප්‍රදේශයේ වනාන්තර පෙදෙසක් හෙළි පෙහෙළි කර මෘදු තණකොළ තීරුවක් සහිත ගුවන් පථයක් ද සකසා තිබිණි. වරින් වර ජලයෙන් යටවන මේ ප්‍රදේශය එවැනි අවස්ථාවල දී ගුවන් යානා ගොඩබැස්සවීමට හා ගුවන්ගත කිරීමට අසීරුය.

මේ ඡායාරූපයෙන් පෙනෙන්නේ එවැනි අවස්ථාවක ලිස්සා ගිය Vought F4U Corsair නමැති ඇමරිකානු ප්‍රහාරක යානයකි. මේ යානය යළි ශක්තිමත් පොළොව සහිත ස්ථානයකට ගෙන ඒම සඳහා බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව සිය රාජකීය රහස් වාහනයක් යොදා ගෙන තිබිණි. ඒ පුත්තලමේ සිටි හීලෑ අලියෙකි. බ්‍රිතාන්‍යයන් පවසන්නේ මේ ගුවන් හමුදා කඳවුරට අලි මිල කළ නොහැකි සේවයක් සැපයූ බවයි. ගුවන් හමුදා නියමුවන් ඇතුළු සියළු දෙනා මේ අලින්ට අසීමිතව ආදරය කළහ.

Related articles

Recent articles

spot_img