spot_img
spot_imgspot_img

උණවටුනේ කොරල් පිරිසිදු කරන්න එක්වෙමු

පුවත්

විදෙස්

උණවටුන කොරල පර පිරිසිදු කිරීමේ වැඩසටහනක් පෙබරවාරි 01 දා උදෑසන 8.00ට උණවටුන වෙරළ තීරයේ දී සිදුකිරීමට සැළසුම් කර ඇත.

Ocean Sri Lanka Foundation, උණවටුන කිමිදුම් ආයතන සහ හබරාදුව ප්‍රාදේශීය සභාව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. ඉතාමත් සුන්දර සජීවී තත්ත්වයෙන් තිබූ උණවටුන කොරල්පරය වෙරළ අපවිත්‍රවීම හා සාගරයට අපද්‍රව්‍ය එකතුවීම නිසාම දැඩි ලෙස අපවිත්‍රව තිබේ.

මේ ස්ථානයේ නිතර කිමිදුම් කටයුතුවල යෙදෙන සමුද්‍ර පුරාවිද්‍යාඥයකු සහ කිමිදුම් උපදේශකයකු වන රසික මුතුකුමාරණ පවසන්නේ උණවටුනේ කොරල් පරයේ අපද්‍රව්‍ය විශාල වශයෙන් රැඳී ඇති බවයි. කොරල් පරය තවදුරටත් සජීවී තත්ත්වයෙන් පවත්වාගැනීම සඳහා එම අපද්‍රව්‍ය ඉවත් කිරීම කඩිනම් අවශ්‍යතාවකි.

මේ පිළිිබඳ හබරාදුව ප්‍රාදේශීය සභාවේ ද අවදානය යොමුකර Diver land Dive Club, Submarine Diving School සහ Sun Diving Center එක්ව වැඩසටහන ක්‍රියාත්ක කරනු ලබයි.

සංචාරක පාරාදීසයක් වූ උණවටුන පරිසරය සුරක්ෂිත කර ගැනීමේ මේ සත්කාර්යයට දායක වන ලෙස ඔබ සැමගෙන් ඔවුන් ඉල්ලා සිටියි.

පෙබරවාරි 01 උදේ 8.00ට උණවටුන වෙරළ තීරය

වැඩි විස්තර සඳහා

රසික 0718100698

ජානක 0777914277

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!