spot_img
spot_imgspot_img

එළවළු මිල 100% කින් වැඩි වෙයි

පුවත්

විදෙස්

මේ දිනවල පවතින එළවළු හිඟය හේතුවෙන් එළවළු වර්ග කිහිපයක තොග සහ සිල්ලර මිල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන පවසයි.

දඹුල්ල, නුවරඑළිය, පිටකොටුව, මීගොඩ සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳසැල් කළමනාකරුව්න පවසන්නේ එළවළු සැපයීම විශාල වශයෙන් පහත වැටී ඇති බැවින් මේ තත්ත්වය උදාවී තිබෙන බවයි.

ශ්‍රී ලාංකිකයන් විසින් බහුලව භාවිතා කරන එළවළු වර්ග කිහියක ම මිල 100%කින් පමන ඉහළ ගොස් තිබීම ගැටලුවක් බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ආර්.එම්. බණ්ඩාර පවසයි. පසුගිය දිනවල පැවැති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එළවළු සැපයුමේ අඩුවක් සිදුවීම මීට හේතුවී ඇති බව ඔහුගේ අදහස වී තිබේ. මෙය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට සති කිහිපයක් ගතවනු ඇති බව ද ඔහු පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන‍ය සැළකූ විට එළවළු රැගෙන එන වාහන ප්‍රමාණය 70% කින් පමණ අඩුවී ඇති බැවින් අඩු සැපයුමත් වැඩි ඉල්ලුමත් හේතුවෙන් මෙලෙස එළවළු මිල ඉහළ ගොස් තිබේ.

මේ වනවිට එළවළු වර්ග කිහියක තොග මිල (කිලෝ ග්‍රෑම් 01ක) පහත දැක්වේ

බෝංචි – රු. 220.00

කැරට් – රු. 230.00

අමු මිරිස් – රු. 800.00

ලොකු මිරිස් – රු. 450.00

සර්ප කරවිල – රු. 180.00

වට්ටක්කා – රු. 180.00

වම්බටු – රු. 280.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!