spot_img
spot_imgspot_img

දකුණෙන් කොරෝනා මරණ 20ක්

පුවත්

විදෙස්

දකුණු පළාතෙන් ඊයේ (29) කොරෝනා මරණ 03ක් වාර්තා වී තිබේ. මේ අනුව දකුණේ කොරෝනා මරණ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ තුනෙන් දෙකක්ම වාර්තා වන්නේ මාතර දිස්ත්‍රික්කයෙනි. අනෙක් මරණය ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි කරුවෙකි.

ඉන් එක් මරණයක් සිදුව ඇත්තේ හම්බන්තොට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී ය. වැලිගම කඹුරුගමුවේ දිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති අතර ඔහුගේ දේහය හම්බන්තොට ලුනම ආදාහනාගාරයේ දී නිරෝධායන නීති අනුව ආදාහනය කෙරිණි.

අනෙක් පුද්ගලයා මාතර දෙනිපිටියේ පදිංචි 67 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. නිවැසියන් කොරෝනා ආසාසදනය වීමෙන් පසු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිය දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු ආසාදිත බව තහවුරු කරගෙන තිබිණි. ඉන් පසු ඊයේ (29) අළුයම ඔහු මියගියේය. මේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් සිදුකරන ලද අතර දේහය දඩල්ල ආදාහනාගාරයේ දී සවස ආදාහනය කෙරිණි.

ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි 58 හැවිරිදි පිරිමි පුද්ගලයකු කරාපිටිය ශික්සණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටයි දී කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරුකර යවා එහි දී පෙරේරදා (28) මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා නිව්මෝනියාව සමග උග්‍ර වූ හෘදයාබාධයකි.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ යන අතර මෙතෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ මරණ දෙකක් පමණි. මාතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 06වක් දක්වා ඉහළ ගොස් ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ සිදුවූ මරණ අතරින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් නිකුත් කර ඇත්තේ එක් මරණයක් පමණි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද එක් මරණයක් සිදුව ඇති අතර එම මරණය මෙතෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් නිවේදනය කර නැත.

මේ අනුව දකුණු පළාතේ පදිංචිකරුවන් 20 දෙනකු කොරෝනා ‍ආසාදනය වීමෙන් මියගොස් ඇති අතර මෙතෙක් වාර්තා කර ඇත්තේ ඉන් මරණ තුනක් පමණක් වීම ද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!