ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරු තිදෙනකු සහ දරුවන් 81 දෙනකු නිරෝධායනයට යොමුකිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
පසුගිය සඳුදා (25) පුත්තලම රාජ්‍ය බඅංකුවක කළමනාකරු ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු මෙම පාසලට පැමිණ දරුවන්ට ඉතිරිකිරීමේ කැට ලබා දී ගිනුම් ආරම්භ කර තිබිණි. මෙලෙස පැමිණි බැංකු කළමනාකරු කොරෝනා ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් එම පියවර ගැනීමට සිදුව ඇත.
මෙලෙස නිරෝධායනයට යොමුකර ඇත්තේ විදුහල්පතිවරයා, දෙවැනි ශ්‍රේණියේ ගුරුවරු සහ එම පන්තිවල ඉගෙනුම ලැබූ දරු දැරියන් පිරිසකි.
මෙම බැංකු නිළධාරින් පැය කිපයක් පාසල තුළ ගත කරමින් සිසුන්ට කැට බෙදා දිම් කර ඇති බවද කියයි.
මෙම බැංකු කළමණාකාරවරයා කොවිඩ් ආසාධිතයකු බවට ඉකුත් 27 දින සනාථ වි ඇත.
මෙම බැංකු කළමණාකරු ඔහුගේ බැංකු ප්‍රධාන කාර්යාලයේ විශේෂ හමුවක් වෙන්නප්පුව නගරයේ පවත්වා ඇති බවත් එයට සහභාගි වු ප්‍රධාන කාර්යාලයේ නිළධාරියකු කොවිඩ් ආසාදිතයකු බවට වාර්තා විමත් සමග මෙම බැංකු කළමණාකරු සහ අනිකුත් කළමණාකරුවන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබිණි.