-3.4 C
New York

ගිනිමැලයක එළියෙන් රාජකාරී කරන මරණ පරීක්ෂක

Published:

සූරියවැව ප්‍රාදේශීය රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා ලෙස ‍කටයුතු කරන විදානගමගේ විජේදාස ඊයේ (28) හදිසි මරණ පරීක්ෂයක් සිදුකර ඇත්තේ ගිනිමැලයක් දල්වාගෙන එහි ආලෝකයෙනි.

ඔහු පවස්නනේ මේ රෝහලේ ගොඩනැගිලි තිබුණ ද හදිසි මරණ පරීක්ෂකවරයාට රාජකාරී සඳහා ස්ථානයක් ලැබී නොමැති බවයි.

විදුලි සැර වැදීමෙන් මියගිය 15 හැවිරිදි දරුවකුගේ මරණ පරීක්ෂණයක් ඔහු ඊයේ මෙලෙස පවත්වා තිබිණි.

“මෝචරිය ළඟ ඉන්න බැහැ. ළඟ තියා මේ කිට්ටුවවත් මනුස්සයෙකුට ඉන්න බැහැ. ඒ නිසා ගහක් යටට ගිහින් රාජකාරී කරනවා.” ඔහු පවසයි.

සූරියවැව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය අධිකාරී ඩබ්ලිව්.එච්.මහින්දරත්න පවසන්නේ මෙම ගැටලුවට විසඳුමක් ලබාදිය නොහැකි බවයි.  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන වෙන්කර දෙන්නේ නම් හදිසි මරණ පරීක්ෂකවරයාට රාජකාරී කිරීමට ස්ථානයක් වෙන්කර දිය හැකි බව ද හෙතෙම පවසයි.

කාර්යාල නොතිබූ අතීතයේ හම්බන්තොට ඒජන්තවරයා ලෙස කටයුතු කළ සුප්‍රසිද්ධ ලෙනාඩ් වුල්ෆ් ගස් යට රාකාරී කරමින් නඩු විසඳීම් පවා කළ අතීතයක් හම්බන්තොට ජනතාව දනී. ඒ 20 වැනි සියවසේ මුල් භාගයේ දී ය. 21 වැනි සියවසේ දී ද එවැනි නිලධාරීන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින බව හදිසි මරණ පරීක්ෂකවරයාගේ සිද්ධියෙන් තහවුරු වෙයි.

(අද දෙරණ)

Related articles

Recent articles

spot_img