-2.5 C
New York

දකුණේ ආණ්ඩුකාරවරයා දෙවැනි වරටත් නිරෝධායනයේ

Published:

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ දෙවැනි වරටත් ස්වයං නිරෝධායනයට යොමු වී සිටියි.

ඔහු යළි මෙලෙස නිරෝධායනයට යොමු වූයේ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා කොරෝනා ආසාදිතයකු බව ඊයේ (28) හඳුනාගැනීම හේතුවෙනි.

මීට පෙර තමන් කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වූ බැවින් නිරෝධායනයට යොමුව සිටි බවත් තමන්ට බඩු මල්ල නොලැබුණු බවත් ආණ්ඩුකාර වරයා පසුගිය 19 වැනි දා පැවැති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේ දී ප්‍රකාශ කළේය. ආණ්ඩුකාරවරයා සහභාගී වූ විවාහ මංගල උත්සවයකට කොරෝනා ආසාදිතයකු පැමිණ තිබීම හේතුවෙන් එවර ඔහු නිරෝධායනයට යොමු වූ බව දැනගන්නට ඇත. ආණ්ඩුකාරවරයා එලෙස නිරෝධායනයට යොමුව සිටි බව ඔහු පවසනතුරුම සෞඛ්‍ය අංශවල කිසිවෙකුත් දැන සිටියේ නැත.

සඳුදා (01) ආණ්ඩුකාරවරයාගේ මහජන හමුව ද අවලංගුකර ඇති බව නිල වශයෙන් දැනුම් දී තිබේ.

Related articles

Recent articles

spot_img