spot_img
spot_imgspot_img

දේවබලයෙන් වික්ටර් රත්නායක සුවපත් කළ කතාව අමු බොරුවක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීන ගායකයකු වන වික්ටර් රත්නායක ගීත ගායනය කළ නොහැකිව කටහඬ අහිමිව සිටි බවත් දේව ආශිර්වාදයෙන් ඔහුට යළි කටහඬ ලබා දී වේදිකාවල පවා ගීත ගායනා කළ හැකි මට්ටමට පත්කළ බවත් එක්තරා ආගමික නිකායක් හා ඔවුන්ගේ අනුගාමිකයන් පිරිසක් විසින් මේ දිනවල ප්‍රචාරය කරමින් පවතී.

මෙය ආගම ප්‍රචාරය කිරීම අරමුණු කරගනිමින් සිදුකරන රැවටීමක් බවත් එය සත්‍යතාවයෙන් තොර බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.

විශේෂඥ වෛද්‍ය රූබන් පවසන්නේ කටහඬ අහිමිවීම නිසා හෝ වෙනස් වීම නිසා හෝ කතා කරන්න බැරිව සිටින අය නැවත කතා කරවන අය ලොව කිසිම තැනකින් වාර්තා නොවන බවයි. දේව හෝ භූත බලයක් මගින් කටහඬ ලබාදිය හැකියැයි පැවසීම බොරුවක් බවත් තම අනුගාමිකයන් පිනවීමටත්, තම ආගම ප්‍රචාරය කිරීමටත් ඔවුන් හිතා මතා වංචාවන් සිදුකරන බවත් වෛද්‍යවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කියයි.

“කටහඬ අහිමිවීමට කායික සාධක වගේම මානසික හේතූන් බලපානවා. විශේෂයෙන් ම මානසි ගැටලුවක සිටින වි කටහඬ පිළිබඳ අධික බලාපෙරොත්තුවක් ඇතිව සිටින විට කායික ප්‍රශ්නයක් නැතුව හෝ තිබෙන ප්‍රශ්නයට අමතරව මානසිකව කටහඬ නැති යා හැකියි. වික්ටර් රත්නායක කියන්නේ මේ වනවිට වයෝවෘද්ධව සිටින ගායකයෙක් එතුමාට මීට පෙර ගායනා කළ ආකාරයට ගායනා කිරීමේ හැකියාවක් නොමැතියි. ඔහුගේ කටහඬේ තීව්‍රතාව අහිමිවීම ස්වභාවික ක්‍රියාවලියක්. ඔහුට කටහඬ නැතිව යන්නේ psychological aphonia කියන හේතුව නිසා.”

වෛද්‍යවරයා පවසන්නේ ආගමික නිකායන් ප්‍රචාරය කරන්න බලාපොරොත්තුවන ඇතැම් පුද්ගලයන් සහ මිත්‍යා දේව හා භූත විශ්වාසයන් පිළිබඳ මතවාදයන්හි එල්බගෙන සිටින පුද්ගලයන් මෙවැනි අවස්ථාවල දී ඉන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ ගන්නා බවයි.

ඔවුහු මෙවැනි පුද්ගලයන් සොයාගෙන විශේෂ ස්ථානයකට ගෙනවිත් සිතට මානසික ඇනවුමක් ලබා  දෙති. සුවවේවා කියන මානසික ප්‍රාර්ථනය ගැඹුරින් සිතට කාවද්දා යම් සුවයක් ලැබුණේ දැයි විමසූ විට සුවය අපේක්ෂා කළ පුද්ගලයා තමන්ට ලැබුණු මානසික ඇනවුම අනුව තමන්ට සුවය ලැබී ඇති බව පවසයි. මෙය දේව බලයක් හෝ භූත බලයකින් සිදුකරන ක්‍රියාවක් නොවේ. වංචාවකි. සැබැවින්ම එලෙස පුද්ගලයකුට කටහඬ ලබා දිය හැකියැයි පවසන්නේ නම් එය මහා වංචාවකි.

මෙවැනි යාඤ්ඤා මගින් ලෙඩ සහ විවිධ ආබාධ සුවකරන පිරිස් සමාජයේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයන් ඉලක්ක කරගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී ඔහුට නිරෝගී සුවය ලබාදීමට යාඥා කළ බවට ද මෙවැනි ආගමික නිකායන් විසින් වරක් ප්‍රචාරය කර තිබිණි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ සමාජයේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ පුද්ගයන් සුවපත් කළ බව පවසමින් තම ආගම ප්‍රචාරය කරමින් මිත්‍යාව වැපිරවීමයි.

ආගමික නිකායක් විසින් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ යාඤ්ඤාවෙන් සුවපත් කළ බව දක්වන ඡායාරූප ප්‍රචාරය කර තිබූ ආකාරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!